IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මුදා ගැනීමේ මෙහෙයුම්වලදී දරු ප්‍රසූති 3 ක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ මුදා ගැනීමේ අතරවාරයේ දී දරුවන් තිදෙනකු උපත ලබා ඇතැයි යු.එස්.ඒ. ටුඩේ පුවත්පත වාර්තා කරයි.

තලේබාන් සංවිධානය කාබුල් නුවර බලය අත්පත් කරගැනීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ විය.

සිය පුරවැසියන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට සහාය දුන් ඇෆ්ගන් වැසියන් සහ ජීවිත තර්ජන ඇති ඇෆ්ගන් වැසියන් මෙලෙස මුදාගන්නා ලදි.

මෙලෙස මුදාගැනීම් සිදුවන අතරවාරයේ දී දරුවන් තිදෙනකු උපත ලබා ඇතැයි පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් ජෝන් කර්බි ඉකුත් දා පැවැසීය.

සී-17 හමුදා ගුවන් යානයකදී එක් දරුවකු උපත ලැබූ බවත් ජර්මනියේ රැම්ස්ටීන් ගුවන් කඳවුරේ රෝහලකදී තවත් දරුවන් දෙදෙනකු උපත ලැබූ බවත් හෙතෙම කීය.

ඔවුන් උපත ලැබුවේ ඇමෙරිකානු පුරවැසියන් ලෙස ද යන්න ගැන තමන් නොදන්නා බව ද හෙතෙම කීය.

ඇමෙරිකාවෙන් පිටත තිබෙන ඇමෙරිකාවට අයත් හමුදා කඳවුරු ඇමෙරිකානු භූමිය ලෙස නොසැලෙකන බවත් උපතේදී පුරවැසි අයිතියට ඒවා නොසලකන බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසි සහ සංක්‍රමණික සේවා කාර්යාංශය සඳහන් කළේය. ඇමෙරිකාවේ ලියාපදිංචි ගුවන් යානයක උපත ලැබුව ද එය ඇමෙරිකානු ගුවන් අවකාශයට පිටත කලාපයක් නම් උපත ලබන දරුවන් ඇමෙරිකානු පුරවැසියන් ලෙස නොසලකන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

යු.එස්.ඒ. ටුඩේ ඇසුරිනි



අදහස් (0)

මුදා ගැනීමේ මෙහෙයුම්වලදී දරු ප්‍රසූති 3 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 669 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2336 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site