ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජීවන චරිතය ඇසුරින් නිර්මාණය කරන ලද චිත්‍රපටය මැතිවරණ කාල සීමාව තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට එරට මැතිවරණය කොමිසම පියවර ගෙන ඇත.
එම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම අද (11) ආරම්භ වීමට නියමිතව තිබිණි. අගමැති මෝදි ගැන කියැවෙන එම මෝදිගේ චිත්‍රපටය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ කොටසක් යැයි ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රසය චෝදනා කළේය.
මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයකට සම්බන්ධ ඕනෑම අන්තර්ගතයක් සහිත දෑ විකාශය කිරීම ඉන්දීය මැතිවරණ ප්‍රචාරණ නීතිවලට පටහැනි ය. මේ අනුව චිත්‍රපටය සම්බන්ධයෙන් වන දැන්වීම්, සමාජ මාධ්‍ය ඡායාරූප යනාදිය ප්‍රසිද්ධියට පත් කරන්නේ නම් ඊට පෙර ඉන්දීය මැතිවරණ කොමිසමේ අවසරය ගත යුතුව ඇත.
හින්දු ජාතිකවාදී නායකයකු වන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දුම්රිය ස්ථානයක තේ අලෙවි කිරීමේ සිට එරට අගමැති ධුරයට පත්වීම දක්වා ඔහුගේ ජීවිතයේ සිදුවීම් ඇසුරෙන් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබේ.
මැතිවරණ කොමිසම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීම විපක්ෂය ලැබූ ජයග්‍රහණයක් යැයි ඇතැම් පාර්ශව පෙන්වා දී තිබිණි.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මෝදි ගැන හැදූ චිත්‍රපටයට තහනමක්