
සෝමාලියාවට නුදුරින් අරාබි මුහුදේදී කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ලයිබීරියාවට අයත් 'එම්.වී. ලීලා නොර්ෆෝක්' නමැති වාණිජ නෞකාවේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයන් සියලු දෙනා මුදා ගැනීමට ඉන්දීය නාවික හමුදාව සමත්වී ඇත.
ලයිබීරියා ධජය රැගත් නෞකාව අවිගත් පිරිසක් විසින් පැහැර ගනු ලැබූ බව බ්‍රිතාන්‍ය සමුද්‍ර ඒජන්සියට දන්වා තිබුණි.
ඉන්දීය නාවුක හමුදාව කාර්යමණ්ඩල සේවකයන් මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබුණේ ඒ අනුවය. එහි කාර්ය මණ්ඩල සේවකයින් 21 දෙනෙකු සිට ඇති අතර එයින් 15 දෙනකු ඉන්දීය ජාතිකයින්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd