එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගෞරවයට පාත්‍ර වී ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිවිල් වැසියෙකුට ලබාදෙන ඉහළම සම්මානයෙන් පිදුම් ලබා ඇත.
දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් ඔහුට එම සම්මානය ප්‍රදානය කෙරුණි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිර්මාතෘවරයා වන ෂෙයික් සෙයිඩ් බින් සුල්තාන් අල් නහියන්ට (Sheikh Zayed bin Sultan al-Nahyan) ගෞරවයක් ලෙස ඕඩර් ඔෆ් සෙයිඩ් ('Order of Zayed') ලෙස නම්කර ඇති සම්මානය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ප්‍රදානය කළේ අබුඩාබියේ ඔටුන්න හිමි ෂෙයික් මොහොමඩ් බින් සෙයිද් කුමරු විසිනි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එමීර් සංචාරය අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට කුමරුගෙන් විශිෂ්ට පිළිගැනීමක් හිමි වූ බවයි.සිය සොහොයුරෙකු ලෙස සළකන මෝදි ඔහුගේ දෙවන නිවහනට පැමිණි බව කුමරු සඳහන් කර ඇත.
මෙහිදී දෙරටේ නායකයින් සාකච්ඡා වටයක් සඳහාත් එක්වුණි. වෙළඳ හා සංස්කෘතික සබඳතා ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව එහිදී ඔවුන් සාකච්ඡා කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
(125)
(අල්ජසීරා ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉහළම සම්මාන ලබයි