IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මෝදි ඇමෙරිකාවේ

තෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත් හරසරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය.

බයිඩන්ගේ ධුර කාලය මෙම වසරේ අවසන් වන බැවින්, බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ලෙස මෝදි හමුවන අවසන් අවස්ථාව මෙයයි. ද්වීපාර්ශ්වීක සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.

ඊට අමතරව රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මැදිහත් වී සිටී. ඒ සම්බන්ධයෙන් ද මෝදි සහ බයිඩන් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර ඇත.

ඇමෙරිකාවේ ඩෙලවෙයාර් ජනපදයේ විල්මින්ටන් නගරයේ පැවැත්වුණු 'සිවු දෙනාගේ හවුල' හෙවත් 'ක්වඩ්ස්' රාජ්‍ය නායක සමුළුවට ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී විය.

විල්මින්ටන් නගරය යනු බයිඩන් උපන් නගරයයි. 'ක්වඩ්ස්' යනු ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය යන රටවල එකමුතුවය. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට අමතරව, ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ද සමුළුවට සහභාගී වූහ.

ඇමෙරිකාව මැදිහත් වී, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය එක් කර ගනිමින් 'ක්වඩ්ස්' හවුල පිහිටුවා ඇත්තේ ආසියානු කලාපයේ චීනයෙන් සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණදීමටය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

මෝදි ඇමෙරිකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 158 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site