IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


මැතිවරණයට AI අපේක්ෂකයෙක්

AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කළ පුවත් නිවේදකයන්, ගුරුවරුන් අපට දකින්න ලැබෙයි. ඉන්දියාවේ ගොවීන්ට තාක්ෂණික දැනුම ලබා දීමට AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ගොවි යුවළක් ද පසුගිය දා හඳුන්වා දීම සිදුවිය.

දැන් ලොව පළමු වරට AI අපේක්ෂකයකුට ඡන්දය දීමට ද අවස්ථාවක් උදා වෙයි. මෙම අවස්ථාව උදා වන්නේ, එලැඹෙන ජුලි 4 වැනිදා ඡන්ද පොළට යන බ්‍රිතාන්‍ය ඡන්ද දායකයන්ටය.

මෙම පළමු AI අපේක්ෂකයා, ව්‍යාපාරික 59 හැවිරිදි ස්ටීව් එන්ඩකෝට් ය. ස්වාධීන අපේක්ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වන ස්ටීව් ඔහුගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සමාජ මාධ්‍ය සිදු කරන්නේ AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ඔහුගේ රූපය භාවිතයට ගනිමිනි. AI ස්ටීව් යනුවෙන් එම චරිතය හැඳින්වෙයි.

ස්ටීව් එන්ඩකෝට්ගේ අභිනවයෙන් පක්ෂයක් පිහිටුවාගෙන අතර, ඔහු එම පක්ෂයට තෝරා ගන්නා අපේක්ෂකයන් සියලු දෙනා ද මැතිවරණ ප්‍රචාරක කටයුතු හරහා ජනතාව අතරට යන්නේ AI අපේක්ෂකයන් ලෙසය.

කෙසේ නමුත් ජනතා විශ්වාසය දිනා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු යෑමට මෙම AI අපේක්ෂකයන්ට හැකිවුවහොත්, පාර්ලිමේන්තුවට යනු ඇත්තේ සැබෑ අපේක්ෂකයන්ය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (3)

මැතිවරණයට AI අපේක්ෂකයෙක්

Perera Friday, 21 June 2024 05:18 AM

ඔිකට අපේ රටේ කියන්නේ නංගිව පෙන්නලා අක්කාව දෙනවා කියලා

:       2       8

Montikarlo Friday, 21 June 2024 12:46 PM

අපේ රටෙත් ඕක හොඳයි. ඇත්ත අපේක්ෂකයන්ට ජනතාව ඉදිරියට යන්න බැරි නිසා.

:       0       2

ගුණබන්ඩ Friday, 21 June 2024 12:48 PM

අපේ පැත්තේ ඕකට කියන්නේ " බල්ලෝ කඩේ යවනවා " කියලා.i

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 499 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site