හයිටි දූපත්වලට බලපා ඇති මැතිව් සුළි කුණාටුව මේ වනවිට ඇමරිකාවේ ෆ්ලොරිඩා හා උතුරු කැරොලිනා ප්‍රාන්ත දක්වා වේගයෙන් පැතිර ගොස් ඇති බවත් 70000කට වැඩි පිරිසක් අවතැන්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
පැයට කිලෝමීටර් 230ක වේගයකින් හයිටිය හරහා හමාගිය සුළි සුළඟ වසර 10කට පසු එරටට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුවක් ලෙස සැලකේ.
මේ වන විට ක්‍රමයෙන් ජැමෙයිකාව දක්වා කුණාටුව ගමන් කළේය.
එම පෙදෙස්වලට මිලිමීටර් 400-600ත් අතර ප්‍රමාණයක තද වැසි ඇතිවූ බවත් කියති. ඇතැම් හඳුනාගත් පෙදෙස්වලට මිලිමීටර් 1000ක වැසි ඇතිවූ බව ද කියති. මේ හේතුවෙන් ඉක්මනින් ගංවතුර හා නායයෑම් තර්ජනද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මැතිව් සුළි කුණාටුවෙන් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් නිල වාර්තාවක් ලැබී නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කියයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd