සිංගප්පුරුවේ දී රියදුරන් රහිත ස්වයංක්‍රිය වාහනයක් අත්හදාබැලීමක් අතරතුර අනතුරකට ලක්වී තිබේ. රියදුරන් රහිත වාහනයක් අත්හදාබැලීමේ දී අනතුරට ලක් වූ ප්‍රථම අවස්තාව මෙය බව බලධාරීහු පවසති. පැයට සැතපුම් 4ක වේගයෙන් ගමන් ගන්නා අතරතුර මෙම අනතුර සිදුවූ බවත් එය සුළු අනතුරක් බවත් ඔවුහු කියති.අනතුරින් කිසිවෙකුට හානි වී නැත.
ඇමෙරිකා සමාගමක් වන ‘නුටෝනොමි’ නම් සමාගමක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.මෙවන් අනතුරක් බලාපොරොත්තු නොවූ බව එම සමාගම පවසයි. සිදු වූ දෝෂය ගැන පරික්ෂා කොට එවන් දෙයක් නොවීමට සැලසුම් සකසන බව ද කියයි.රියදුරන් රහිත වාහන රථවාහන වෙළඳපොලේ නව ප්‍රවණතාවයකි.
2025 නොවැම්බර් මස 04
636
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2317
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාතලී නැති රියක් හැප්පෙයි
ජයාත් Wednesday, 19 October 2016 01:23 AM
ඔය ඉතින් රියදුරෙක් නැතුවනේ. මේ රටේ රියදුරන් කියලා කියාගන්න මඟමරුවෝ දවසකට කී දෙනෙක් මහපාරේ මරාදානවද? කට්ටිය සාකච්ඡා සම්මන්ත්‍රණ තිය තියා ඉන්නවා. මේ ගැන වගකියන්න ඕනෑ අය මර නින්දේ. ජාතියේ අවාසනාව ! (නි)