සිංගප්පුරුවේ දී රියදුරන් රහිත ස්වයංක්‍රිය වාහනයක් අත්හදාබැලීමක් අතරතුර අනතුරකට ලක්වී තිබේ. රියදුරන් රහිත වාහනයක් අත්හදාබැලීමේ දී අනතුරට ලක් වූ ප්‍රථම අවස්තාව මෙය බව බලධාරීහු පවසති. පැයට සැතපුම් 4ක වේගයෙන් ගමන් ගන්නා අතරතුර මෙම අනතුර සිදුවූ බවත් එය සුළු අනතුරක් බවත් ඔවුහු කියති.අනතුරින් කිසිවෙකුට හානි වී නැත.

ඇමෙරිකා සමාගමක් වන ‘නුටෝනොමි’ නම් සමාගමක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.මෙවන් අනතුරක් බලාපොරොත්තු නොවූ බව  එම සමාගම පවසයි. සිදු වූ දෝෂය ගැන පරික්ෂා කොට එවන් දෙයක් නොවීමට සැලසුම් සකසන බව ද කියයි.රියදුරන් රහිත වාහන රථවාහන වෙළඳපොලේ නව ප්‍රවණතාවයකි.