IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මාතලී නැති රියක් එංගලන්තයේ

රියදුරන් රහිත මෝටර් රථයක් එංගලන්තයේ ජනතාව අතර ප්‍රථම වතාවට අත්හදා බලයි.අසුන් දෙකක් සහිත මෙම මෝටර් රථය විදුලියෙන් ක්‍රියාත්මක වෙයි.මිල්ටන් නගරයේ දුම්රිය ස්ථානය ආශ්‍රිත මගී මාර්ග වල මෙම අත්හදාබැලීම සිදු කැරිණි.

කැමරා පද්ධතිය සහ සංවේදක භාවිතයෙන් රථය ගැටීමකින් තොරව නිවැරදි මාර්ගයේ ගමන් කරයි.පදික වේදිකාවේ ගමන් කරන මගීන් ට අවශ්‍ය වූ විට රථය නැවැත්වීමට ද හැකියාව ඇත.

මෙම රථය ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය මෘදුකාංග පද්ධතිය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ රොබෝ තාක්ෂණ අංශය විසින් සැකසීය.එම මෘදුකාංගය ‘සෙලනියම්‘ නම් වේ. නගර වල මාර්ග සිතියම් ද එහි අන්තර්ගත කොට ඇත.

මේ සදහා ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාරය සතුටුදායක බව එහි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා කියයි.මෙම අවස්ථාව රියදුරන් රහිත ස්වයංක්‍රීය වාහන භාවිතයේ විශිෂ්ට පියවරක් යැයි හේ පැවසීය.බ්‍රිතාන්‍ය රජයද මේ ව්‍යාපෘතිය සදහා ධනාත්මක ප්‍රතිචාරයක් දක්වන අතර 2020 වන විට මෙම මෝටර් රථ ගමනාගමනයට එක් කිරීමට අවශ්‍ය නීති සකස් කිරීමට ද බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.එමෙන්ම ලබන වසරේ සිට මහාමාර්ග වලද අත්හදා බැලීමට අවසර ලබා දීමට රජය කටයුතු කරන බව සදහන් වෙයි.12 13



අදහස් (0)

මාතලී නැති රියක් එංගලන්තයේ

අරවින්ද Thursday, 13 October 2016 05:58 PM

මෙවැනි රියදුරන් නොමැති වාහන දැන් කලක සිටම ඇමරිකාවේ භාවිතා වෙනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 627 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site