
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඇඩොල්ෆෝ මැකියාස්, ඉක්වදෝර රජය විසින් ඇමෙරිකාවට පිටුවහල් කර ඇත.
‘ෆිටෝ’යන නමින් ද හැඳින්වෙන මෙම ඇඩොල්ෆෝ මැකියාස්, විශේෂ ආරක්ෂාවක් යටතේ විශේෂ ගුවන් යානයකින් නිව්යෝක් නුවරට රැගෙන ආ බව ද පැවැසෙයි.
කොකේන් බෙදා හැරීම, කුමන්ත්‍රණ සහ ආයුධ ජාවාරම ඇතුළු ගිනි අවි නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන්ඇඩොල්ෆෝ මැකියාස්ට එරෙහිවඇමෙරිකානු නීතිපති කාර්යාලය පසුගිය අප්‍රේල් මාසයේ චෝදනා ගොණුකර තිබුණි. ඇඩොල්ෆෝ මැකියාස් ඒ කිසිදු චෝදනාවක් පිළිගෙන නැතැයි ද පැවැසෙයි.
ලතින් ඇමෙරිකානු රටක් වන එක්වදෝරයේ කුලීරථ රියැදුරෙකු ලෙස කටයුතු කළ මැකියාස් පසු කාලීනව ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට පත් වූ බව පැවැසෙයි.
ඔහු එක්වදෝර ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් අතර පසුගිය 2024 වසරේ ජනවාරි මාසයේ ඔහුව රඳවා සිටි අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් පලා ගිය අතර, විශේෂ මෙහෙයුමකින් පසු ඔහු යළි අල්ලා ගැණුනි.
ඒ, මැකියාස් ගැන හෝඩුවාවක් දෙන අයකුට ඩොලර් මිලියනයක මුදලක් ලබාදෙන බවට එක්වදෝර රජය නිවේදනය කිරීමෙන් පසුවය.ඒ අනුව, පසුගිය ජූනි 25 වෙනිදා සුඛෝපභෝගී නිවසක භූගත බංකරයක සැගව සිටියදී මැකියාස්ව යළි අත්අඩංගුවට ගැනීමට එරට එක්වදෝර ආරක්ෂක අංශ සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd