IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මතක පෙත්තක් එයි

රෝග නිවාරණයට දහසකුත් එකක් පෙති වර්ග ඇති මේ කාලයේ මතකය වඩා ගැනීමටත් පෙත්තක් හදුන්වාදීමට යන ලකුණු බි‍්‍රතාන්‍යයේ ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ පිරිසක් සිදුකරමින් සිටින පරීක්ෂණයකට අනුව පෙනෙන්නට තිබේ.

මොළයේ මතක තබා ගැනීමේ හැකියාව වර්ධනය කරවා ගත හැක්කේ කෙසේදැයි සොයාබැලීමට පර්යේෂණ කරමින් සිටින මෙම විද්‍යාඥ පිරිස පවසන්නේ මොළයේ ඇතිවන නියුරෝන සබදතා ප‍්‍රමාණය වැඩි කර ගැනීමට හැකිනම් මතක තබා ගැනීමේ ශක්තියද ඉහළ දමා ගත හැකි බවයි.

එසේ නමුත් ස්වභාව ධර්මයා මොළයේ වරෙකදී ඇතිවිය හැකි නියුරෝන සබදතා සංඛ්‍යාවට සීමාවක් පනවා ඇත.පර්යේෂක පිරිස පවසන ආකාරයට ඒ සදහා හේතුවන්නේ විශේෂ ප්‍රෝටීනයකි.ළමා වියේදී සීඝ‍්‍රයෙන් වර්ධනය වුවද වැඩිහිටි විය එළැඹෙන විට මොළයේ වර්ධනය නතර වීමට හේතු වන්නේ එම ප්‍රෝටීනය බව ඔවුන් කියයි.

මෙම ප්‍රෝටීනය සතුන්ගේද හදුනාගත හැකිය.ඒ අනුව සතුන් ආශ‍්‍රයෙන් පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති විද්‍යාඥ පිරිස එම ප්‍රෝටීනය නිපදවීම වළක්වා එම සතුන්ගේ මොළයේ නියුරෝන සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරවා ගත හැකිවේදැයි සොයාබලා ඇත.

පර්යේෂණය සාර්ථක කරමින් අනාවරණවය තිබෙනුයේ එම ප්‍රෝටීනය නිපදවීම නැවතු විගස මොළයේ වැඩි වැඩියෙන් නියුරෝන සබදතා ඇතිවන්නට ගත් බවය.එනම් මොළයේ මතක ශක්තිය ඉහළ ගොස් ඇත.

ඒ අනුව එම සතුන් වෙනදාට වඩා හොදින් පරීක්ෂණ වලට මුහුණදීමටත්,ප‍්‍රතිචාර දැක්වීමටත් පටන්ගෙන ඇත.

කෙසේනමුත් මෙය මිනිසුන්ට ආදේශ කිරීමට ප‍්‍රථමයෙන් තවත් බොහෝ පර්යේෂණයන් කළ යුතුව ඇති බව විද්‍යාඥ පිරිස කියයි.

සාර්ථක වුවහොත් අංශභාග රෝගීන්ට,මානසික රෝගාබාධ වලින් පෙළෙන්නවුන්ට එය සුභ ආරංචියක්ම වනු ඇත.



අදහස් (0)

මතක පෙත්තක් එයි

නිහාල් Wednesday, 12 November 2014 08:42 PM

අමතක පෙත්ත නම් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක දේශපාලකයෝ ඇතුළු හුග දෙනෙක් ඇගෙන්ම හදා ගන්නවා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 12 November 2014 11:18 AM

ක්‍රීඩා වලදී තහනම් උත්තේජක බලනවා වගේ ඉදිරියේදී විභාග වලදී මතක පෙති අරන්ද කියලත් පරීක්ෂණයක් තියන්න වේවි(දිල්)

:       0       0

උදාර Friday, 14 November 2014 04:29 AM

මේ දේවල් වලින් වැඩක් වෙයිද? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 12 November 2014 11:30 PM

කළ දේවලුත් අමතක කරගන්න බැරුව ඉන්නකොට ඔය පෙත්ත බීලා ඔලුව තවත් විකාර වේවි. (නි)

:       0       0

යූස්රි Sunday, 16 November 2014 08:55 PM

අනේ මන්දා ඉතින් මේ පෙති නම්.... (නි)

:       0       0

සුපුන් Thursday, 13 November 2014 07:10 AM

මමත් යම් මානසික රෝගී තත්වයක් නිසා ඇතිවන අඩු මතකය නිසා පීඩාවිඳින කෙනෙක්. හැකිනම් කරුණාකර මෙම ඖෂධය සහ ඒ සම්බන්ධ පර්යේෂණ පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවි වල ලිපින මට යොමු කරන්න. (නි)

:       0       0

සුරන්ජන් Thursday, 13 November 2014 02:13 AM

කරුණාකරලා පුළුවන් ඉක්මනින් අර අමතක මහතාට ඕකෙන් එකක් පොවන්න. පස්සේ පුළු පුළුවන් හැටියට අනිත් 225 දෙනාටත් දෙන්න බලමුකෝ. වැඩේ කියන්නේ බොන්න කැමති වේවිද දන්නේ නැහැ. (නදී)

:       0       0

කමල් Friday, 14 November 2014 07:33 AM

මේ පෙත්ත ඉක්මනින් විකිණෙයි.(හේ)

:       0       0

විකුම් Friday, 14 November 2014 07:48 AM

ස්වභාව ධර්මයට පිටින් යන්න ගිහිල්ලා නැති ලෙඩ දාගන්නයි වෙන්නේ. සියලු දේ අනිත්‍යයයි. (නි)

:       0       0

ජයලත් Wednesday, 12 November 2014 06:47 AM

සමහර විද්‍යා ප්‍රබන්ධ ඇත්ත වෙන්නයි යන්නේ මගේ හිතේ ! (බ)

:       0       0

බමුණු Friday, 14 November 2014 08:23 AM

අමතක කලයුතු දෙවක් අමතක කරන්න බෙහෙතක් සොයා ගෙන නැද්ද . මට අමතක කරන්න කෙනෙක් ඉන්නවා එයාව අමතක කරගන්න (බ)

:       0       0

අතුල Friday, 14 November 2014 10:03 AM

මේ වර්ගයෙන් පෙති කීපයක් ගෙන්වා ගන්න පුලුවන්ද? (ර)

:       0       0

සෑම් Wednesday, 12 November 2014 10:04 AM

පෙත්ත තිබ්බ තැන මතක තියා ගන්න බැරිඋනොත් ඔක්කොම අපරාදේ. ළඟදී කියවූ විහිලු කතාවක් මතක් උනා. (ර)

:       0       0

සරත් පියසේන Monday, 17 November 2014 05:19 AM

අනේ ඉක්මනට එකක් අපේ ඇමතිට පොවන්නකෝ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site