බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය අටවැනි වතාවටත් මාතෘ භුමි වන්දනා රණවිරු උපහාර උළෙල නොවැම්බර් 29 වැනි දා සවස 3 සිට රාත්‍රී 8 දක්වා පැවැත්විමට  යයි.

ලන්ඩන් නුවර ක්වීන්ස්බරියේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථාන ශාලාවේදී පැවැත්වෙන  උපහාර උළෙලේදී ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩත්වය සුරැකීම උදෙසා දිවි හිමියෙන් සේවය කළ හා කරන සියලුම රණවිරුවන් සිහිපත්කරනු ඇත.

ලන්ඩනයේ පදිංචි ප්‍රවීණ ගායක ගායිකාවන් මෙවරද දේශාභිමානි ගී ප්‍රසංගයක් ඉදිරිපත් කිරිමට  නියමිතය.  

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ කැඳවුම්කරු ජනක අලහප්පෙරුම "රටක් වැනසූ පටු පක්ෂ දේශපාලනයට වඩා අප උපන් මාතෘ භූමිය අප සැමට අගනා බැවින් මෙවරත්   උතුම් අවස්ථාව සඳහා ලබන ඉරිදා අප හා එක්වන ලෙස රටට, ජාතියට සහ රණවිරුවන්ට ආදරය කරන ඔබ සැමට කාරුණිකව ආරාධනා කරන බව" පැවසිය. 

MATHRUBHUMI