බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය අටවැනි වතාවටත් මාතෘ භුමි වන්දනා රණවිරු උපහාර උළෙල නොවැම්බර් 29 වැනි දා සවස 3 සිට රාත්‍රී 8 දක්වා පැවැත්විමට යයි.
ලන්ඩන් නුවර ක්වීන්ස්බරියේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථාන ශාලාවේදී පැවැත්වෙන උපහාර උළෙලේදී ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩත්වය සුරැකීම උදෙසා දිවි හිමියෙන් සේවය කළ හා කරන සියලුම රණවිරුවන් සිහිපත්කරනු ඇත.
ලන්ඩනයේ පදිංචි ප්‍රවීණ ගායක ගායිකාවන් මෙවරද දේශාභිමානි ගී ප්‍රසංගයක් ඉදිරිපත් කිරිමට නියමිතය.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ කැඳවුම්කරු ජනක අලහප්පෙරුම "රටක් වැනසූ පටු පක්ෂ දේශපාලනයට වඩා අප උපන් මාතෘ භූමිය අප සැමට අගනා බැවින් මෙවරත් උතුම් අවස්ථාව සඳහා ලබන ඉරිදා අප හා එක්වන ලෙස රටට, ජාතියට සහ රණවිරුවන්ට ආදරය කරන ඔබ සැමට කාරුණිකව ආරාධනා කරන බව" පැවසිය.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාතෘ භුමි වන්දනා ලන්ඩනයේ
සිසිර ලන්ඩන් Monday, 23 November 2015 02:35 PM
පසුගිය වතාවේ සහභාගී වුවද මෙවර මෙම වැඩසටහනට සහභාගී වීමට නොහැකි වීම ගැන කනගාටු වෙනවා. මුළු එංගලන්තේම කොච්චර විවිධාකාර උත්සව, වැඩසටහන්, බයිලා තිබුනත් මෙවැනි සැබෑ දේශාභිමානී දේශප්‍රේමී ලස්සන වැඩසටහනකට තියෙන්නේ මේක විතරයි. මේ තරුණ පිරිස ගැන ආඩම්බරයි. (ර)
බස්නායක Monday, 23 November 2015 02:54 PM
කවදත් රට ජාතිය පෙරටුකරගෙන පටු දේශපාලන පක්ෂ, පාට සහ පුද්ගලික ලාභ ප්‍රයෝජන අපේක්ෂාවකින් තොරව අවංකවම කටයුත් කරන මේ දරුවන්ට මම කවදත් ආදරෙයි. මේ පිරිස කරපු සේවයට සම කරන්න පුළුවන් කණ්ඩායමක් එංගලන්තය තුල සොයා ගැනීමට අපහසුයි. ලන්ඩන් වල වාසි වලට දේශපාලනක කල පිරිස තමයි මේ අයගේ වැඩ වලට බාධා කලේ. දරුවනේ, ඔබලාට යෝධ බල ශක්තිය ධෛර්යය ලැබේවා! (ර)
අනුර Monday, 23 November 2015 03:22 PM
අහන්නත් සතුටුයි. (ර)
සුසන්ත ගුණතිලක වෙම්බ්ලි Monday, 23 November 2015 04:00 PM
අගනා කටයුත්තක් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය මඟින් සිදුකිරීම ගැන සතුටුයි. පන්සල් වලින් පින්කම් විතරක් කෙරිලා මදි. මේ වගේ රට ජාතිය රැකගන්නත් කටයුතු කළයුතුයි. (නි)
ධර්මබන්දු පලිහක්කාර ලිවපූල් Monday, 23 November 2015 04:46 PM
ඉතාමත් අගය කළයුතු ක්‍රියාවක්. වසර කිහිපයකට පෙර මමත් ලන්ඩනයේ මිතුරෙකු සමඟ අහම්බෙන් මෙම උත්සවයට සහභාගි වුණා. උත්සවය දැක මා පුදුමයට පත්වුණා. ලන්ඩනයේත් මෙවැනි කටයුතු සිදුවෙන බව දැකලා. ලංකාදීපයට ස්තුතියි මේ ලිපිය පළකිරීම පිළිබඳව. අනිවාර්යයෙන්ම මෙවර සහභාගි වෙන්න උත්සාහ කරනවා. (නි)
පුක්කුස ලන්ඩන් Monday, 23 November 2015 06:01 AM
රට බේරා ගත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු සියලු රණවිරුවන්ට පුදන මෙම උපහාරය අපි අගය කරමු. සරත් ෆොන්සේකා රණවිරුවාව මෙම උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස අරාධනා කිරීම ගැන ජනක අලහප්පෙරුමට තුති මල් පුදමු.(ම)
ජාලිය-සරේ Monday, 23 November 2015 06:16 AM
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුද ශූරීන්ව ඇගයීම ගැන ජනක අලහප්පෙරුම සහ ඔහුගේ සංසදයට අපගේ සතුට.(ම)
චානක බර්මින්හැම් Monday, 23 November 2015 06:35 AM
සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් තුමා සහ සියලු රණවිරුවන්ට මෙය උපහාරයක්ම වේවා. ජනක අලහප්පෙරුමට ස්තුතියි. (බ)
සරත් රෝමය Monday, 23 November 2015 11:35 PM
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදයට අපගේ උණුසුම් සුභ පැතුම්! ඔබගේ මේ උතුම් කටයුත්ත සාර්ථක වේවා! (නි)
සුනේෂ් Monday, 23 November 2015 11:34 PM
ඉතාම හොඳයි (නි)
ලලිතා Monday, 23 November 2015 06:47 AM
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ සියලු රණවිරුවන්ව ගෞරවයෙන් මතක් කරමු. (බ)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 24 November 2015 03:11 AM
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදයට යමක් කරන්න පුළුවන් බව මා දුටුවේ පසුගිය වසරේ පැවති 7 වෙනි ප්‍රසංගයට සහභාගී වූ අවස්ථාවේයි. තාරුණ්‍යයේ සැබෑ ශක්තිය කුමක්දැයි ජනක අලහප්පෙරුම හා ඔහුගේ මිතුරු කැළ මනාව ඔප්පුකර පෙන්නුවා. එසේම සමාජයීය වශයෙන් මිනිසුන් එකට එක්ව වැඩකරන ආකාරයත් පෙන්නුම් කරන දුර්ලභ අවස්ථාවක්ද වූවා. ගිය වසරේ මෙන්ම මෙ වතාවෙත් ගීත කිහිපයකින් පැමිණෙන රසිකයින් පිනවීමට මා හට අවස්ථාවක් ලබාදීම ගැන මම සංවිධායකවරුන්ට ස්තුතිවන්ත වෙනවා. (නි)