මෙතම්ෆැටමින් කෘතීම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 275 ක් මෙල්බර්න් නැව් සේවා බහාලුමක තිබී ඕස්ට්‍රේලියා පොලීසිය විසින් සොයාගෙන ඇති අතර එහි වටිනාකම ඩොලර් මිලියන 206 ක් පමණ බවත් මෙම මත්ද්‍රව්‍ය තොගය කන්ටේනරය පත්ලේ ලෑලි ආවරණයක් තුළ සඟවා තිබිය දී සොයාගෙන ඇති බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධව ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය විසින් වයස අවුරුදු 24 ත් 32 ත් අතර මැලේසියා ජාතිකයෙක් හා ඕස්ට්‍රේලියා ජාතිකයන් හත් දෙනෙකුට විරුද්ධව චොදනා ගොනුකර ඇත.

චීන ඔත්තුසේවාවේ ද සහයෝගය ඇතිව ඕස්ට්‍රේලියා පොලිසිය මෙම වැටලීම කර ඇත්තේ මාස පහක පමණ කාලයක සිට කරන ලද සූක්ෂම මෙහෙයුමකින් පසුවය. වික්ටෝරියා ප්‍රාන්තයේ කරන ලද විශාලතම වැටලීම මෙය බව එරට නිල තොරතුරු කියයි.

මත් ද්‍රව්‍ය හේතුවෙන් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියාවල වර්ධනයක් ඇතිවන බවත් අපරාධ වැඩි වන බවත්, පවුල් ආරවුල් වැඩි වන බවත් වික්ටෝරියා පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ෆොන්ටානා කියයි.

පොලිස් වාර්තාවල මෙතම්ෆැටමින් භාවිතය 2007 වසරේ සිට මේ දක්වා දෙගුණයක් වී ඇති බවත් එය 2013 වන විට ලක්ෂ 2 කට වඩා වැඩි පිරිසක් පාවිච්චි කර ඇති බවත් සඳහන් වේ. මෙතම්ෆැටමින් ‘මෙත්‘ යන කෙටි නාමයෙන් හඳුන්වන අතර අයිස්, ස්පීඩ්, චල්ක්, ක්‍රිස්ටල්, ග්ලාස්, ක්‍රාරන්ක්, යාබා යන නම් වලින්ද හඳුන්වයි.

_89244747_meth meth-defined-pg1