IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මිඩ්ල්සෙක්ස් නගර සභාවට ලාංකිකයෙක් තරග බිමේ

ඇමරිකාවේ ජනපතිවරණයට සමගාමීව නොවැම්බර් 8 වැනිදා පවත්වන නගර සභා මැතිවරණය වෙනුවෙන් පළමු වතාවට ශ්‍රී ලාංකිකයකු ද එක්ව සිටියි.

ප්‍රාන්ත 52ක් සඳහා මැතිවරණය පැවැත්වෙන අතර නිව්ජර්සි ප්‍රාන්තයේ මිඩ්ල්සෙක්ස් නගර සභාව වෙනුවෙන් ශ්‍රී ලාංකිකයකු වන අනුර රූපසිංහ මහතා ඉදිරිපත්වේ. ඔහු රිපබ්ලිකන් පක්ෂය වෙනුවෙන් නාම යෝජනා ලබා දී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ නිව්යෝර්ක්, නිව් ජර්සි ශාඛාවේ සභාපති ලෙසද ඔහු කටයුතු කරයි.

ප්‍රසිද්ධ නැව් භාණ්ඩ සමාගමක හිමිකරුවකු වන රූපසිංහ මහතා ප්‍රසිද්ධ සමාජ සේවකයකු ද වේ.



අදහස් (0)

මිඩ්ල්සෙක්ස් නගර සභාවට ලාංකිකයෙක් තරග බිමේ

රියන්සි Monday, 07 November 2016 01:10 PM

පොඩි සන්තෝසෙට කරන සෝබන වැඩ. කවුද දන්නේ ඕවා (බ)

:       0       0

අරවින්ද Monday, 07 November 2016 01:42 PM

අබය කියන දෙයින් හොදින්ම සාක්ෂාත් වෙන දේ නම් ලාංකිකයන්ට අනන්‍ය වූ ඉරිසියාවයි. දෙවෙනුව ඉල්ලු දෙදෙනාගේම ප්‍රධාන අරමුණ වූයේ කලින් සිටි කෙනා පරාජය කර දැමීමයි. අද රටේ බොහෝ විරෝධතා ව්‍යාපාර වලට මුල තව කෙනෙකුගේ දියුණුවට තිබෙන ඉරිසියාවයි. අපේ ඉදිරියට යන ජාතියක් නොවන්නේ මේ නිසයි. (බ)

:       0       0

කාංචන මුදලිගේ Monday, 07 November 2016 02:01 PM

ඔබට අපගේ සුභ පැතුම් (බ)

:       0       0

රූපවතී Monday, 07 November 2016 06:41 AM

ඒ පළාතත් ඉවර වෙයිද ..?ලංකාවේ වගේ ..?අපේ දේශපාලකයෝ පෙනෙනවනේ ..ජනතාවට සේවය කරන්නේ ඩියුටි ෆ්‍රී වාහනේ ගිහින් කඩු කුඩු කිනිසි පිස්තෝල බෝම්බ වලින් ..? අපිට අම්බානට සලකනවා ...ලංකාවේ ......හරිම ෂෝක් අනේ අාසාවේ බැහැ.? (බ)

:       0       0

අබය Monday, 07 November 2016 07:06 AM

අපෙත් සිංහලයෙක් ගියවර තේරුනා මෙල්බන් සුළු නගර සභාවක. ඒත් මේ සැරේ වෙන දෙපළක් ඉල්ලලා කලින් හිටපු සභිකයාගේ ඡන්ද යම් ප්‍රමාණයක් අත්පත් කරගෙන ඔහුව පරාජය කර දැම්මා. ලංකාවේ වගේමයි. දිනන්න බැරි බව දැන දැන තමයි ඉල්ලුවේ. ඔවුන් දෙදෙනාගේ ප්‍රධාන අරමුණ වූයේ කලින් සිටි කෙනා පරාජය කර දැමීමයි. (නි)

:       0       0

මිනිපෙ Monday, 07 November 2016 04:05 PM

ඉරිසියාව ඇතිවන්නේ, තමන් ඉතාම හොදින් දන්නා, හඳුරන කෙනෙක් සමගින් පමණයි. (බ)

:       0       0

බන්දු Monday, 07 November 2016 07:20 AM

ඔබට අපගේ සුභ පැතුම්! (නි)

:       0       0

ඉමේෂ් Monday, 07 November 2016 08:20 AM

සුභ පැතුම්. විය යුතු දේවල්.(ම)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 08 November 2016 08:21 AM

අනුර රූපසිංහ මහතාට ඇමරිකාවේ නගර සභා මැතිවරණයෙන් ජයවේවා පතමු! අපේ මවුබිමට එය විශාල කීර්තියක්. අපේ මවුබිමට ජයවේවා!

:       0       0

හැරිස් Monday, 07 November 2016 10:51 AM

අපෙනුත් සුබ පැතුම්. (බ)

:       0       0

නයනා Tuesday, 08 November 2016 10:57 AM

ඔබට සුභ පැතුම්...සමග ජය පතමි. (බ)

:       0       0

ජෙරමි Monday, 07 November 2016 11:02 AM

අතාරින්න එපා ජනාධිපති තරගයටත් ඉල්ලන්න ඊළඟ පාර. දිනන්න පුළුවන් මේ යන විදියට.(බ)

:       0       0

ධම්ම Tuesday, 08 November 2016 04:04 AM

සිංහල භාෂාව කතාකරනා තුරු, අපට ආවේණික සංස්කෘතිය තමාගේ සංස්කෘතිය යයි පිළිගන්නා තුරු ඔහු සිංහලයෙකි. එහෙත් ඇමරිකානුවන් ලාංකිකයින් නොවේ (බ)

:       0       0

බුද්ධික Monday, 07 November 2016 11:59 AM

සිංහලයෙක්. මට හරිම සතුටුයි.(හේ)

:       0       0

ටෙනිසන් Sunday, 20 November 2016 02:37 AM

සුබ පැතුම් අපෙන්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site