
පර්යේෂණ මට්ටමේ තිබෙන සිය එන්නත 94.5%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි මොඩර්නා සමාගම අද (16) නිවේදනය කළේය.
තිස් දහසකට (30,000) වැඩි පිරිසක් සම්බන්ධ කරගනිමින් සායනික මට්ටමේ අත්හදා බැලීම් කළ බවත් ඒ අනුව පර්යේෂණ මට්ටමේ තිබෙන සිය එන්නත 94.5%ක සාර්ථකත්වයක් පෙන්නුම් කළ බවත් එම සමාගම සඳහන් කළේය.
‘‘අපි එන්තන පර්යේෂණ මට්ටමේ තිබෙන්නේ. අපි එය තෙවැනි අදියරේ අධ්‍යයන සහ පර්යේෂණ යොමු කළා. ඒවායේ වාර්තා ධනාත්මක බව කිව යුතු යි. ඒවායේ විශ්ලේෂණ ද අපට ලැබී තිබෙනවා. අපේ එන්නතෙන්, ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වීමෙන් වැළැකිය හැකි බව සායනිකව සනාථ වී තිබෙනවා’’ යැයි මොඩර්නා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටෙෆනි බැන්සෙල් පැවැසීය.
ඒ.එෆ්.පී.
ඡායාරූප – ඒ.එෆ්.පී./රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd