
මැඩගස්කරයට ඔබ්බෙන් නෞකාවක් මුහුදුබත්වීමෙන් එහි සිටි 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහත 68 දෙනෙක් අතුරුදන් වූහ.
මෙම නෞකාව භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බවත්, එහි නම 'ෆ්‍රැන්සියා' බවත් විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි. භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වුවත්, අනතුරට පත් වෙද්දී එහි සිටි ගණන 130 කි.
එම පිරිස නීතිවිරෝධී ලෙස ගමන් ගත් මගීන් පිරිසක් බව මේ වනවිට තහවුරු වී ඇත.
නැගෙනහිර මැඩගස්කරයේ අන්ටනම්බේ නුවරින් නික්මුණු මෙම නෞකාව, දිවයිනේ දකුණු දෙසින් පිහිටි වරායක් වෙත යාත්‍රා කරද්දී මෙම අනතුරට මුහුණ පෑ බව පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd