පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා මැඩගස්කරයේ දරුවන් 922ක් සරම්ප රෝගයෙන් මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මෙය නිල වශයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව වන අතර සත්‍යවශයෙන් මියගිය සංඛ්‍යාව මීට වඩා වැඩිවියහැකි බවද ඔවුහු සඳහන් කරති.
මේ වනවිට වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 66000කි.මෙවැනි විශාල මරණ සංඛ්‍යාවක් වාර්තා වුවද මැඩගස්කරයේ දැවැන්ත ප්‍රතිශක්තීකරණ වැඩසටහනක් ක්‍රියාත්මකව පැවති බව සඳහන් වේ. 2017 වර්ෂයේදී ජනගහනයෙන් සියයට 58ක් සරම්ප එන්නත ලබාගෙන ඇත.
මැඩගස්කරයේ දරුවන්ගෙන් සියයට 47ක් මන්දපෝෂණයෙන් පෙළෙන අතර එය අප්‍රිකානු රටවල් අතර වැඩිම මන්දපෝෂණ ප්‍රතිශතය වේ. මේ හේතුවෙන් සරම්ප රෝගය ආසාදනය වූ පසු ප්‍රබල සංකූලතාවයන් ඇති වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මැඩගස්කරයේ දරුවන් 922ක් සරම්ප රෝගයෙන් මියයති