
ආරක්ෂක බාධක පෙරළා ගෙන, ධවල මන්දිරයට අයත් එක් ගේට්ටුවක් දෙසට මෝටර් රථයක් පැදවූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇමෙරිකන් පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා මෝටර් රථය ධාවනය කරමින්, ආරක්ෂක බාධක පෙරළා ගෙන ධවල මන්දිරය දෙසට යෑමට උත්සහ කළේ යැයි පැවැසෙයි. ඒ, රාත්‍රී 10.37 ට පමණය.
ජනාධිපති ආරක්ෂක අංශය පවසන්නේ මෝටර් රථය 17 වැනි වීදිය දෙසින් ඇති ගේට්ටුව හරහා මෙසේ ධවල මන්දිරයට කඩා වැදීමට තැත් කළ බවය.
එය අනතුරක් ද නැතිනම් හිතාමතා කළ ක්‍රියාවක් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වී ඇති බවත් පොලිසිය වැඩි දුරටත් පවසා ඇත.
මෝටර් රථයක ආරක්ෂක බාධක පෙරළාගෙන ධවල මන්දිරයට කඩා වැදීමට උත්සාහ ගත් අවස්ථාවේදී ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිටි බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd