චීනයේ උතුරුදිග ශැන්සි පළාතේ හිම පතනය හේතුවෙන් ලිස්සා ගිය මෝටර් රථ 56ක් එකිනෙක ගැටීමෙන් 17දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බීජිං කුන්මින්ග් අධිවෙිගී මාර්ගයේ සිදු වූ මෙම අනතුරින් 37දෙනකු තුවාල ලබා ඇත. ලොරි රථ කිහිපයක් ඇඹරී ගොස් ඇති බව පොලිසිය කියයි. ඇසින් දුටුවන් පවසන්නේ එක් ට්‍රක් රථයක් ඉහලට විසිවී ඉදිරියෙන් ගමන් කළ වාහන කිහිපයක් මතට ඇද වැටුණු බවයි. හිම සහ වැසි සහිත අයහපත් කාළගුණය අනතුරට හේතුවන්නට ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.

29