
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය පසුබිම් ගායිකාවක වන අල්කා යාග්නික් දුර්ලභ ශ්‍රවණාබාධ රෝගී තත්ත්වයකින් පෙලෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කළේ අල්කා යාග්නික් ඇය මුහුණ දුන් එම රෝගාබාධය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සංවේදී සටහනක් ද උපුටා දක්වමිනි.
‘මගේ රසිකාවියන්ට, මගේ මිතුරු මිතුරියන්ට සහ මං ගැන නිතර සොයා බලන සැමට කියන්න ඕනෑ, මම පසුගිය දා අකරතැබ්බකට මුහුණ දුන්නා. මට හිටිහැටියේ ඇහෙන්නේ නැතිව ගියා. ඒ මම ගුවන් ගමනක් නිම වී ආපසු යද්දී. වෛද්‍යවරුන් තමයි මට පැහැදිලි කළේ මම දුර්ලභ ශ්‍රවණාබාධ රෝගී තත්ත්වයකින් පෙලෙන බව’ යැයි අල්කා යාග්නික් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පැහැදිලි කර ඇත.
58 හැවිරිදි අල්කා යාග්නික් වඩාත් ප්‍රකට 90 දශකයේ බොලිවුඩ් පසුබිම් ගායිකායක ලෙසය. ඇය සම්මාන රැසකින් පිදුම් ලබා සිටී. වෛද්‍යවරුන් පැහැදිලි කරන ආකාරයට ඇය මෙම දුර්ලභ ශ්‍රවණාබාධ තත්ත්වයට ගොදුරු වී ඇත්තේ ආසාදන තත්ත්වයක් හේතුවෙන් සංවේදී ස්නායු දුර්වල වීමෙනි.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
499
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මට කිසිවක් ඇහෙන්නේ නැතිව ගියා - අල්කා යාග්නික්