
ඕස්ට්‍රේලියා සමාජයෙන් 'කොවිඩ් 19 ඔමික්‍රෝන්' ආසාදිතයන් හමුවීමට පටන් ගෙන ඇතැයි එරට සෞඛ්‍ය අංශ ඊයේ (3) බිය පළ කළේය. ඉතා බිහිසුණු යැයි සැක කෙරෙන 'ඔමික්‍රෝන්' විකෘතිය ප්‍රභේදය සමාජගත වී ඇතැයි පැවැසෙන්නේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයෙනි.
'ඔමික්‍රෝන්' ආසාදිතයන් නව දෙනකු මේ වනවිට ඔස්ට්‍රේලියාවෙන් හඳුනා ගෙන ඇත. ඔවුන්ගෙන් අට දෙනකු විදෙස් සංචාරවල නියැලුණු පුද්ගලයන්ය. කෙසේ නමුත්, 9 වැනියා කිසිදු විදෙස් සංචාරයකට සම්බන්ධ නොවුණු තරුණ පාසල් සිසුවකු බව මේ වනවිට තහවුරු වී තිබේ.
සිසුවාට 'ඔමික්‍රෝන්' ආසාදනය වූයේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නිව්සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති බව පැවැසෙයි.
ඔස්ට්‍රේලියා සමාජයේ 'ඔමික්‍රෝන්' පැතිරෙනවා යැයි සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත්තේ මේ නිසාය.
ආසාදිත සිසුවා බටහිර සිඩ්නි නුවර 'රීජන්ට් පාර්ක්' පාසලේ අධ්‍යාපනය ලබයි. මේ වනවිට මුළු පාසලම වසා දමා ඇති අතර, ආසාදිත සිසුවා සහ ඔහුගේ පවුලේ අයත්, සිසුවාගේ පංතියේ අනෙක් සිසුන් සහ ගුරුවරුන් ද නිරෝධායනය කර ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි. 'ඔමික්‍රෝන්' ආසාදිත සිසුවාගේ තත්ත්වය බරපතල නොවන බව ද වාර්තා වේ.
'ඔමික්‍රෝන්' විකෘති වයිරස ප්‍රභේදය හඳුනා ගත්තේ මීට සතියකට පෙරය. එම හඳුනා ගැනීම කළේ දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන්ය. වයිරස විකෘතිය තවත් වයිරස විකෘති 50 ක් පමණ මුසුවී නිර්මාණය වූවක් යැයි පැවැසෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම විකෘතිය 'ඔමික්‍රෝන්' යන ග්‍රීක අක්ෂරයෙන් නම් කළේ පසුගිය නොවැම්බර් 27 වැනිදාය.
එම අවස්ථාවේදී ම ඕස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ පැවැසුවේ දකුණු අප්‍රිකාවේ සිට පැමිණි ඕස්ට්‍රේලියානුවන් දෙදෙනකු 'ඔමික්‍රෝන්' ආසාදිතයන් බව තහවුරු වූ බවය. ඕස්ට්‍රේලියාවෙන් 'ඔමික්‍රෝන්' ආසාදිතයන් පළමුවෙන් හමුවූයේ එලෙසිනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
615
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාජයේ ’ඔමික්‍රෝන්’ පැතිරීම ඇරඹිලා