ඇමෙරිකා  ජනපති ආර්යාව එරට රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය හෙලා දැක ඇතැයි    එරට මාධ්‍ය වාර්තා කළේය.

මිචෙල් ඔබාමා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සමුළුවේදී තම සහය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන් වෙත ලබා දෙන බව නිවේදනය කරමින් මේ බව පැවසුවාය.  රුපවාහිනියේ පිළිකුල් භාෂාවෙන් කතා කරන ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රටේ සැබෑ බලය නියෝජනය නොවන බව ඇය ප්‍රකාශ කළාය.

මෙහි විශේෂත්වය වන්නේ එම කතාවේදී ජනපති ආර්යාව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම සදහන් නොකර  ඔහු ගැන විවේචනය කිරීමයි. නම සදහන් නොකළ නමුත් ඉතාමත් පුළුල් ලෙස ඔහුගේ ක්‍රියාකලාපය පිළිබද විවේචනයක් ඉදිරිපත් කළාය. මිට පෙර එරට වොර්මන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ද තම සහය හිලරි ක්ලින්ටන් වෙත ලබා දෙන බව ප්‍රකාශ කීවේය.

”  ක්ලින්ටන් අපගේ විවධත්වය අපේ   ශක්තීන්ගෙන් එකක් බව වටහාගෙන සිටිනවා”යැයි ඔහු පැවසීය.

සැන්ඩර්ස් එරට ජනාධිපති අපේක්ෂක තරගයේදී හිලරි ක්ලින්ටන්ගේ එදිරිවාදියා විය.