බැරක් ඔබාමා සිය ජනපති ධූර කාලය නිමා කිරීමට නියමිත අතර ජනපති ආර්යා මිචෙල් ඔබාමා අවසන්වරට ධවල මන්දිරයේ දී ඇමරිකා ජනතාව ඇමතුවාය. ඇයට සුබ පැතීමට ඇමරිකානුවන් සංවිධානය කර තිබූ උත්සවයකදී ඇය සංවේදී කතාවක් කළ බව විදෙස් මාධ්‍ය කියයි.

රට ගොඩනැගීමට එක්වන ලෙස ඇය ඇමරිකා ජනතාවගෙන් ඉල්ලා සිටි බව විදෙස් වාර්තා පවසයි.

රටට සේවයක් කිරීමට ඉදිරිපත්වන ලෙසත් අධ්‍යාපනය ලැබීම ඉතා වැදගත් බවත් ඇය කියා ඇත.

‘අපි අපේ ජීවිතයේ මුහුණදෙන සැකය හා බෙදීමටත්, තරහ සහ බියටත්  එරෙහිව නැගීසිටින්නට බලාපොරොත්තුව මූලික විශ්වාසය කර ගත යුතුයි. අපේ බලාපොරොත්තුව විය යුත්තේ අපි ශක්තිමත්ව වැඩකර අපි ගැන විශ්වාස කිරීමයි‘ යැයි ද මිචෙල් ඔබාමා පවසා ඇත.