IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මොංගෝලියාවේ කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

මොංගෝලියා පාර්ලිමේන්තුවේ කතානායක එන්ක්බෝල්ඞ් මීගොම්බෝ මහතාට එරෙහිව විශ්වාසභංගයක් සම්මත කරගැනීමට එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (29) පියවර ගත්හ.

කතානායක එන්ක්බෝල්ඞ් මීගොම්බෝට දූෂණ චෝදනා එල්ල වී තිබෙන අතර ඉල්ලා අස්වෙන්නැයි බොහෝ පාර්ශව ඔහුට බල කර සිටියත් හෙතෙම ඊට කන් නොදුන්නේය. මේ අනුව පාර්ලිමේන්තුට විශ්වාසභංගයක් ගෙන ඒමට මන්ත්‍රීවරුන් කටයුතු කළ අතර එම විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී සම්මත විය. 

එන්ක්බෝල්ඞ් මීගොම්බෝ හිටපු ජනාධිපති අපේක්ෂයකු මෙන්ම එරට හිටපු අග්‍රාමාත්‍යවරයකු ද වේ. 

කතානායකවරයා ඉල්ල අස්වෙන්නැයි බල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ  අතර ඔවුන් තවත් මන්ත්‍රීවරු පිරිසක් හා එක්ව පාර්ලිමේන්තුව වර්ජනය කළහ.

මේ හේතුවෙන් මසකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ කටයුතු අකර්මණ්‍ය වී තිබිණි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීත් මේ මාසයේදීත් වංචා දූෂණ සහ රාජ්‍ය මුදල් වංචා කිරීම් යනාදියට විරෝධය පළ කරමින් මොංගෝලියාවේ නගර කිහිපයකම විරෝධතා පැවැත්විණි. දහස් ගණනක් ඊට සහභාගී වූහ. 

මොංගෝලියාවේ කතානායක එන්ක්බෝල්ඞ් මීගොම්බෝ ආණ්ඩුවේ තනතුරු විකුණානමින් අයථා ලෙස මුදල් උපයා ඇති බවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 24ක් මුදලක් සොයාගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ලේකම් යන තනතුරු මුදලට විකුණා ඇති බවටත් චෝදනා එල්ල වී තිබේ. 

එන්ක්බෝල්ඞ් මීගොම්බෝ 2017 වසරේ පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ඔහු එයින් පරාජයට පත්වූයේය. ජනාධිපතිධුරයට පත්වූයේ කල්ට්මා බට්ටුලාගාය. කල්ට්මා මේ මස මුලදී කතානායකවරයා බලයෙන් පහ කළ හැකි පරිදි නව නීතියක් ද හඳුන්වා දුන්නේය. 

ඒ.එෆ්.පී. ඇසුරිනි

055

 



අදහස් (0)

මොංගෝලියාවේ කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 779 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site