
කොරෝනා ආසාදිත මවකට සහ ඇයගේ අලුත් උපන් දරුවාට සැලකූ ආකාරය සම්බන්ධයෙන් ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය නිසා මොංගෝලියාවේ අග්‍රාමාත්‍ය කුරෙල්සුක් උක්නා මහතා අද (21) එම ධුරයෙන් ඉල්ලා අස් විය.
කොරෝනා වයිරස ආසාදිත කාන්තාවක සැහැල්ලු රෝහල් ඇඳුමකින් පමණක් සැරැසී පාවහන් යුගලයක් පමණක් පැලඳ කොවිඩ්-19 මධ්‍යස්ථානයකට ගෙන අයුරු දැක්වෙන විඩියෝ පටයක් ඉකුත් දිනෙක ප්‍රසිද්ධියට පත්විය. ඇය සිය අලුත් උපන් දරුවා දැඩි ව තුරුල් කරගෙන ඉන්නා ආකාරයේ ඡායාරූපයක් ද ඉකුත් දිනෙක ප්‍රසිද්ධියට පත්ව තිබිණි.
මේ දිනවල මොංගෝලියාවෙ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 25 ත් අඩු ය. මොංගෝලියාවේ සම්ප්‍රදායට අනුව දරුවා උපත ලබා මාසයක් යනතුරු මවුවරුන් ශීත කාලගුණයට නොයා යුතු අතර ඔවුන්ට ශීත ආහාර පවා ලබා නොදේ.
මෙවැනි තත්ත්වයක් තුළ එම මව එලෙස පිටත රැඳවීම සම්බන්ධයෙන් මොංගෝලියානු ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
මොංගෝලියානු ජනතාවගෙන් මීට දැඩි විරෝධයක් එල්ල වූවා පමණක් නොව තරුණ ක්‍රියාකාරීහු 5,000කට වැඩි පිරිසක් උලාන්බාටාර් අගනුවර රජයේ ගොඩනැගිලි ඉදිරිපිටට රැස්ව විරෝධතාවල ද නිරත වූහ.
මේ සම්බන්ධයෙන් මොංගෝලියාවේ දේශපාලනඥයන් කිහිපදෙනකුම සමාව ද ඉල්ලා ඇත. අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ එවැනි තත්ත්වයක් තුළ ය.
‘‘අවාසනාවන්ත සිදුවීමක් වුණා. ඒ අම්මව වෙනත් ස්ථානයකට මාරු කිරීමේදී අපේ අතින් අත් වැරැද්දක් වුණා. ඒ අම්මට සලකපු විදිය අපේ හද කම්පා කරනවා. අග්‍රාමාත්‍යවරයා ලෙස මම මෙහි වගකීම ගන්න ඕනෑ’’ යැයි මොංගෝලියානු අග්‍රාමාත්‍ය කුරෙල්සුක් උක්නා සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් පැවැසීය.
(ඒ.එෆ්.පී.)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට ලංකාවේ, 500ක් පාරේ මැරුණත්, එක දේශපාලන නරුමයෙක්වත් ඉල්ලා අස්වෙන එකක් නැහැ.
මොන්ගෝලියාවේ අයට මොංගල්නේ... ඒකට ලංකාවේ. ඔහොම නෙවෙයි 300 ගාණක් මැරිච්ච් එකටවත් අගමැති අස් වුණේ නෑ..
බලන්න ඔය ඉල්ලා අස්වුණු මනුස්සයා දරුවන්ට, දරුවන්ගේ දරුවන්ටවත් යමක් කොල්ලකාලා ඉතිරි කළාද..? අපේ රටේ කට්ටිය මැරෙනකම්ම හොරකම් කරනවා. හැබැයි එක වෙනසක් තියෙනවා. අර මොන්ගෝලියාවේ මනුස්සයා මැරෙන්නේ මනුෂ්‍යයෙක් විදිහට. අපේ අය මැරෙන්නේ දස දුක් විඳලා විඳවලා. ඔවුන්ගේ දරුවන්, දරුවන්ගේ දරුවන් - ඔක්කොටම මිනිස්සුන්ගේ ශාපය වදිනවාමයි.
ඒකට ලංකාවේ මහජනයා ජනාධිපති කරලාමයි නැවතුනේ...
ලංකාවේ වගේ නොවෙයි ... මොංගෝලියාවේ දේශපාලකයෝ මෝඩයි.
අපේ නායක තුමාව මෙයාට කළින් හම්බවෙලා නැතිව ඇති මගේ හිතේ... එහෙම වුණා නම් ඇම්බැට්ටයෝ ටිකක් දාලා කෘත්‍යාධිකාරී මණ්ඩලයක් හදලා තියෙන ටික කාලෙකට අයින් වෙලා ඉන්න තිබුණා. අතුහැර දාන්නේ නැතිව... ඔයා අයින් වෙලා ගියත් එතුමාගේ උපදෙස් ගත්තොත් ආයෙත් එන්න ක්‍රමයක් කියලා දෙයි...