නේපාලයේ පිටිසරබද ගම්මානයක සාම්ප්‍රදායික විවාහ මංගල උත්සවයක් අතරතුරේ මනාලයා සහ මනාලිය අතරේ සිදුවන රණ්ඩුවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
මනාල යුවල ගුටිබැට හුවමාරු කර ගනිමින්, එකිනෙකා තල්ලු කර ගනිමින් රණ්ඩු කිරීම, ඔවුන්ගේ සාම්ප්‍රදායික මංගල චාරිත්‍රයේ කොටක් බව ඉන්දියාවේ එන්.ඩී.ටීවී. පුවත් සේවය පවසයි.
මංගල දිනයේ බොරුවට රණ්ඩුවීම ඔවුන්ගේ විවාහ චාරිත්‍රයේ කොටසක් නොදන්නා බොහෝ දෙනකු වීඩියෝ දසුන් පෙළ සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් දැක්වීම් කර තිබේ.
මේ වනවිට 70,000 කට වැඩි පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ දසුන් පෙළ නරඹා ඊට ‘ලයික්’ දමා ඇතැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd