යේමනයේ විවාහ මංගල්‍යයක් පැවැත්වෙන ස්ථානයකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් 131 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රතුමුහුදේ වරාය නගරයක් වූ මෝචා ආසන්න ගම්මානයක මේ මංගල උත්සවය පැවැත්විණි. විවාහ වූ මනාලයා එරට හවුටි නමැති කැරළි කණ්ඩායමේ සාමාජිකයකු බව අනාවරණය වී ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.

මිසයිල ප්‍රහාරය එල්ලවී ඇත්තේ උත්සවයට පැමිණි පිරිස් සඳහා ඉදිකර තිබූ කූඩාරම් සමූහයක් වෙතය.