ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බස් රථ රියදුරකු (29) ගිනි තබා මරා දමා ඇතැයි වාර්තා වෙයි.එම බස් රථයේ ගමන් ගත් මගියෙකු ඉන්ධන යැයි කියන ද්‍රව්‍යයක් රියදුරාගේ ඇඟට ඉසීමෙන් අනතුරුව ගිනි තබා ඇත.

ටැක්සි රථ රියදුරෙකු බස් රථයේ සිටි හය දෙනකු රථයෙන් එළියට ගෙන ඇති බවත් දුම ශරීරගත වීම නිසා 11 දෙනකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බවත් එරට මාධ්‍ය පවසයි.ගිනි නිවීමේ දෙපාර්තුමෙන්තුව හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවාව සුළු කාලයක් තුළ ක්‍රියාත්මක වූ බව බලධාරීහු කියති.

සිදුවීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන  ත්‍රස්තවාදී ක්‍රියා යටතේ චෝදනා ගොනු කර ඇත.

මෙය කනගාටුදායක පුවතක් බවත් රියදුරාට ගෞරව දැක්වීම සඳහා නගරයේ සියලු ධජ අඩකුඹු කර සිටින බවත් නගරාධිපති ග්‍රැහැම් ක්වර්ක් පැවසීය.

sdsdffe

හදිසි සේවා අංශ සිද්ධිය වූ ස්ථානයේ

Untitled-sdsd

(ඡායාරූප-ඒබීසී පුවත්)