සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පාර්ලිමේන්තුව විවෘත කරමින් මීට මාසයකට කලින් කළ කතාවක් නැවත කියවීම පිළිබඳ  පුවතක් එජන්සි වාර්තා සඳහන් කර ඇත. විනාඩි 25 ක් දිග කතාව ඔහු කළේ කොලයක් බලාගෙනය. ජනාධිපති කාර්යාංශ නිලධාරීන් එම අවස්ථාවේදී ඔහුට ලබා දී ඇත්තේ කලින් කළ කතාවේම පිටපතකි.

මෙම වැරැද්ද පිළිබඳව නිලධාරීන්ට වැටහී ගියද ඔවුන් ජනාධිපති වරයාගේ කතාව අතරමඟ නවතා දැමීමට බියවී ඇත. ඔවුන් ඒ සම්බන්ධ කනගාටුව පල කර ඇතත් වැරැද්ද සිදුකල නිලධාරියා පිළිබඳව සොයාබලන බවටද ප්‍රකාශයක් නිකුත් කර ඇත.

91 හැවිරිදී මුගාබේට කතාව කළ අවස්ථාවේදී එය ඊට කලින් කියවූ එකක් බව වැටහීගොස් නැත.

විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකු කියා ඇත්තේ ජනාධිපති තනතුරේ වගකීම් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට තරම් අවශ්‍ය මානසික තත්වයක් රොබට් මුගාබේට නැති බව මෙම සිද්ධියෙන් ඔප්පුවන බවයි. ජනාධිපති වරයා වහාම ඉල්ලා ස්වී එම තනතුර සුදුසු අයෙකුට ලබාදිය යුතුබව විරුද්ධ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශය ඕවර්ට් ගුටු කියා ඇත.

වසර 28 ක කාලයක් ජනාධිපති ධුරයේ රැඳී සිටින රොබර්ට් මුගාබේ අප්‍රිකාවේ වැඩිහිටීම රාජ්‍ය නායකයාවෙයි.