මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දිවි බේරාගැනීමට සෝමාලියාවේ මොගඩිෂු නුවර පොලිස් ප්‍රධානියා සමත්ව ඇත.
අල් ෂබාබ් සටන්කාමීන් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන අතර ප්‍රහාරයෙන් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මරාගෙන මැරුණු බෝම්බකරු මෝටර් රථයකට බෝම්බ පුරවාගෙන පැමිණ ඇති අතර මෙම පිපිරීමෙන් විශාල හානියක් සිදුව ඇතැයි ද වාර්තා වේ.
පොලිස් ප්‍රධානියාගේ රථ පෙළ ඉලක්ක කරගනිමින් මොගඩිෂු නුවර ජනාකීර්ණ ප්‍රදේශයක දී මෙම මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබේ.
ප්‍රහාරයෙන් පොලිස් ප්‍රධානී ෆර්හාන් මහ්මුද් දිවි බේරාගැනීමට සමත් වූ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෝමාලියානු පොලිසියේ ප්‍රකාශක සදීක් ඩුඩිෂේ ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.
අල් ෂබාබ් සංවිධානයේ මෙම ප්‍රහාරයේ වගකීම බාරගත්තේ ය.
අල් ෂබාබ් යනු අල් කයිඩා සංවිධානය සමඟ සම්බන්ධකම් ඇති සන්නද්ධ කණ්ඩායම් දෙකකි.
මෙම කණ්ඩායම් දෙකම ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙස නම් කර ඇත.
ජාත්‍යන්තර විසින් පිළිගෙන තිබෙන සෝමාලියානු ආණ්ඩුව පෙරළා දැමීම සඳහා අල් ෂබාබ් සංවිධානය සටන් වදී.
පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් මෝටර් රථය මොගඩිෂු නුවර පොලිස් ප්‍රධානියාගේ මෝටර් රථ පෙළට කඩා වැදී පුපුරා යෑමත් සමඟ මුළු ප්‍රදේශයම විශාල එළියකින් ආලෝකමත් වූ බවත් ඒ ආසන්නයේ ගොඩනැගිලි රැසක වහළ සහ ජනෙල් බිඳී ගිය බවත් වාර්තා විය. එපමණක් නොව මෝටර් රථ රැසක් ද විනාශයට පත්ව ඇතැයි වාර්තා විය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මොගඩිෂු පොලිස්පති නූලෙන් බේරෙයි