බංග්ලාදේශයේ මධ්‍යම ප්‍රදේශයේ දී මගී යාත්‍රාවක් හා භාණ්ඩ ප්‍රවාහන කළ ට්‍රෝලර් යාත්‍රාවක් ගැටී මගී යාත්‍රාව පෙරැළීමෙන් අවම වශයෙන් 69ක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ධකා අගනගරයට කිලෝ මීටර 40ක් පමණ වයඹ දිගින් පිහිටි පද්මා නම් නදියේ දී මේ යාත්‍රාව පෙරැළී ඇත. මියගිය පිරිස අතර වැඩි ප්‍රමාණයක් දරුවන් බව ද මාධ්‍ය වාර්තවල දැක්වේ.

යාත්‍රාව පෙරැළෙන අවස්ථාවේ එහි 100ට වැඩි පිරිසක් ගමන්කරමින් සිටි බවත් ය්‍රාත්‍රාවේ යට කොටසේ සිටි මගීන් වැඩි පිරිසක් මරණයට පත්ව ඇති බවත් පොලිසිය මාධ්‍යයට ප්‍රකාශ කැර ඇත. පුද්ගලයන් 50ට ආසන්න පිරිසික් පිහිනා දිවිබේරාගෙන ඇතැයි බංග්ලාදේශ බලධාරින් පවසයි. මෙවැනි යාත්‍රා අනතුරු බංග්ලාදේශයේ සුලබය. අබලන් යාත්‍රා යොදා ගැනිමත් එවැනි යාත්‍රාවලට ඔරොත්තු නොදෙන තරම් පිරිසක් ප්‍රවාහනය කිරීමත් අනතුරු වැඩිවීමට හේතුවක් බව බංග්ලාදේශ රජය පවසයි.