ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ බෙංකුළු පළාතේ මගී පාලමකින් ගංගාවක් තරණය කරමින් සිටි පිරිසකගෙන් 9දෙනෙකු, එය කඩාවැටීමෙන් මියගොස් ඇත.
සිද්ධියෙන් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර ජලයේ ගසාගෙන ගිය 17දෙනකු බේරා ගත් බව ආපදා අංශ සඳහන් කරයි.
සිසුන් ඇතුළු 30දෙනකුගේ පමණ කණ්ඩායමක් ඒ අවස්ථාවේ මගී පාලමක් මතින් ගමන් කරමින් සිට ඇත. අධික බර හේතුවෙන් එය කඩා වැටී ඇතැයි බලධාරීහු පවසති.
සුමාත්‍රා දූපතට පසුගිය දින කිහිපයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ගංගාව පිටා ගලමින් පැවති අතර ගංවතුර නිරීක්ෂණය කිරීම සඳහා ගිය පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මගී පාලමක් කඩා වැටී සුමාත්‍රාවේ 9ක් මරුට