ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ බෙංකුළු පළාතේ මගී පාලමකින් ගංගාවක් තරණය කරමින් සිටි  පිරිසකගෙන් 9දෙනෙකු, එය කඩාවැටීමෙන් මියගොස් ඇත.

සිද්ධියෙන් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර ජලයේ ගසාගෙන ගිය 17දෙනකු බේරා ගත් බව ආපදා අංශ සඳහන් කරයි.

සිසුන් ඇතුළු 30දෙනකුගේ පමණ කණ්ඩායමක් ඒ අවස්ථාවේ මගී පාලමක් මතින් ගමන් කරමින් සිට ඇත. අධික බර හේතුවෙන් එය කඩා වැටී ඇතැයි බලධාරීහු පවසති.

සුමාත්‍රා දූපතට පසුගිය දින කිහිපයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ගංගාව පිටා ගලමින් පැවති අතර ගංවතුර නිරීක්ෂණය කිරීම සඳහා ගිය පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)