එළිමහනේදී මුඛ ආවරණ පළඳින්නැයි බ්‍රසීලයේ ෆෙඩරල් විනිසුරුවරයකු එරට ජනාධිපති ජාර් බොල්සනාරෝට නියෝග කර ඇත.
ඒ අනුව බ්‍රසීලයේ අගනුවර එහා මෙහා යද්දි, පොදු ස්ථානවල ගැවසෙද්දි මුඛ ආවරණ පළඳින්නැයි එම විනිසුරුවරයා, ජනාධිපතිවරයාට නියෝග කර ඇත.
බ්‍රසීලයේ බ්‍රසිලියා අගනුවර අයත්වන පරිපාලන ප්‍රදේශයේ නීතිරීතිවලට අනුව එසේ මුඛ ආවරණ පළඳින්නැයි නියෝග කර ඇත්තේ විනිසුරු හෙනාටෝ කොඑලෝ බොරෙලි ය.
‘‘ජාතික ව්‍යවසනයක් ඇති ව තිබෙනවා. ජනාධිපතිවරයා වගකීම් විරහිතව හැසිරෙනවා. ඔහුගෙන් අනෙක් අයටත් වයිරසය බෝ වෙන්න පුළුවන්’’ යැයි නියෝගය දෙමින් විනිසුරුවරයා කීය.
බ්‍රසීල ජනාධිපතිවරයා මුඛ ආවරණ නොමැතිව මහජන ඒකරාශීවීම්වලට සහ පොදු ඉසව්වලට සහභාගී වන අයුරු පසුගිය සති අන්තයේදී දක්නට ලැබිණි. ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේදී ආහාර මුඛ ආවරණ නොමැතිව ආහාර වෙළෙඳපොළවලට ගමන් කරන අයුරුද රටේ කොංග්‍රසයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් විරුද්ධව පැවැත්වෙන විරෝධතාවලට එක්වන අයුරුත් පසුගිය දිනවල දක්නට ලැබිණි.
නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය යැයි බ්‍රසීල ෆෙඩරල් දිස්ත්‍රික් අධිකරණය නියෝග කර ඇත. එම නියෝගය කඩ කරන ඕනෑම අයකුට ඇමෙරිකානු ඩොලර් 390 (ශ්‍රී ලංකා රුපියල් 72,822කට අධික මුදලක්) ගෙවීමට සිදු වේ
ඒ.එෆ්.පී./රොයිටර්ස්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ඒ රටවල නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය ... කොහොමද විනිසුරුවන්ගේ එඩිතර භාවය... මේ අනුව ඒ රටවල්වල තත්ත්වය තුන්වන ලොවේ ඇතැම් රටවල් හා සංසන්දනය කර බලනා විට ඒ ඇතැම් රටවල විනිසුරෙකු මෙවන් නියෝගයක් කළා නම්, ඒ රටවල සිටින ගැත්තන් තම පැත්තේ නායකයාට අවමන් කළා කියා මහා ගාලගෝට්ටි කරාවි ... කොහොමද රටවල් දෙකක ජනතාව අතර වෙනස ... කොහොමද රටවල් දෙකක අතර තියෙන නීතියේ සහ ප්‍රජාත්ත්‍රවාදයෙහි වෙනස ... කොහොමද විනිසුරුවරුන් අතර තියෙන වෙනස ... විනිසුරවරුන්ට කොහොමද තියෙන තීන්දු තීරණ ගැනීමේ නිදහස ...
අන්න රටවල්...