IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මුඛ ආවරණ පළඳින්නැයි බ්‍රසීල විනිසුරුවරයකු එරට ජනාධිපතිට නියෝග කරයි

එළිමහනේදී මුඛ ආවරණ පළඳින්නැයි බ්‍රසීලයේ ෆෙඩරල් විනිසුරුවරයකු එරට ජනාධිපති ජාර් බොල්සනාරෝට නියෝග කර ඇත.

ඒ අනුව බ්‍රසීලයේ අගනුවර එහා මෙහා යද්දි, පොදු ස්ථානවල ගැවසෙද්දි මුඛ ආවරණ පළඳින්නැයි එම විනිසුරුවරයා, ජනාධිපතිවරයාට නියෝග කර ඇත.

බ්‍රසීලයේ බ්‍රසිලියා අගනුවර අයත්වන පරිපාලන ප්‍රදේශයේ නීතිරීතිවලට අනුව එසේ මුඛ ආවරණ පළඳින්නැයි නියෝග කර ඇත්තේ විනිසුරු හෙනාටෝ කොඑලෝ බොරෙලි ය.

‘‘ජාතික ව්‍යවසනයක් ඇති ව තිබෙනවා. ජනාධිපතිවරයා වගකීම් විරහිතව හැසිරෙනවා. ඔහුගෙන් අනෙක් අයටත් වයිරසය බෝ වෙන්න පුළුවන්’’ යැයි නියෝගය දෙමින් විනිසුරුවරයා කීය.

බ්‍රසීල ජනාධිපතිවරයා මුඛ ආවරණ නොමැතිව මහජන ඒකරාශීවීම්වලට සහ පොදු ඉසව්වලට සහභාගී වන අයුරු පසුගිය සති අන්තයේදී දක්නට ලැබිණි. ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේදී ආහාර මුඛ ආවරණ නොමැතිව ආහාර වෙළෙඳපොළවලට ගමන් කරන අයුරුද රටේ කොංග්‍රසයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් විරුද්ධව පැවැත්වෙන විරෝධතාවලට එක්වන අයුරුත් පසුගිය දිනවල දක්නට ලැබිණි.

නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය යැයි බ්‍රසීල ෆෙඩරල් දිස්ත්‍රික් අධිකරණය නියෝග කර ඇත. එම නියෝගය කඩ කරන ඕනෑම අයකුට ඇමෙරිකානු ඩොලර් 390 (ශ්‍රී ලංකා රුපියල් 72,822කට අධික මුදලක්) ගෙවීමට සිදු වේ

.එෆ්.පී./රොයිටර්ස්

055

 



අදහස් (2)

මුඛ ආවරණ පළඳින්නැයි බ්‍රසීල විනිසුරුවරයකු එරට ජනාධිපතිට නියෝග කරයි

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 24 June 2020 03:38 AM

කොහොමද ඒ රටවල නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය ... කොහොමද විනිසුරුවන්ගේ එඩිතර භාවය... මේ අනුව ඒ රටවල්වල තත්ත්වය තුන්වන ලොවේ ඇතැම් රටවල් හා සංසන්දනය කර බලනා විට ඒ ඇතැම් රටවල විනිසුරෙකු මෙවන් නියෝගයක් කළා නම්, ඒ රටවල සිටින ගැත්තන් තම පැත්තේ නායකයාට අවමන් කළා කියා මහා ගාලගෝට්ටි කරාවි ... කොහොමද රටවල් දෙකක ජනතාව අතර වෙනස ... කොහොමද රටවල් දෙකක අතර තියෙන නීතියේ සහ ප්‍රජාත්ත්‍රවාදයෙහි වෙනස ... කොහොමද විනිසුරුවරුන් අතර තියෙන වෙනස ... විනිසුරවරුන්ට කොහොමද තියෙන තීන්දු තීරණ ගැනීමේ නිදහස ...

:       4       79

ana Wednesday, 24 June 2020 08:38 AM

අන්න රටවල්...

:       1       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1753 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site