පිලිපීනයේ හිටපු ඒකාධිපති පාලක ෆර්ඩිනැන්ඩ් මාකොස්ගේ සිරුර මැනිලා නුවර පිහිටි වීරයන්ගේ සුසානයෙහි තැන්පත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

මාකොස්ගේ සිරුර වීරයන්ගේ සුසානයෙහි තැන්පත් කිරීමට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සම් ගණනාවක්ම ඉදිරිපත් වූ අතර අග විනිසුරු මාරියා සෙරේනෝ ඇතුලු විනිසුරන් පස් දෙනෙකු එම පෙස්සම්වලට එකඟ වුවද විනිසුරන් නව දෙනෙකුම ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා මෙම තීන්දුව ලැබී ඇත.

පිලිපීනයේ වාමාංශික ජනපති රොද්‍රිගෝ දුතෙර්තෙ විසින් මාකොස්ගේ සිරුර වීරවරයන්ගේ සුසානයෙහි තැන්පත් කිරීමට ගනු ලැබූ තීරණයට එරෙහිව මහජන කැලඹිලි හටගත් අතර ඒ අනුව මෙම නඩු විභාගය පැවැත්විණි.

මාකෝස්ගේ දැඩි ආඥාදායක පාලනය යටතේ ඝාතනයට හා වධබන්ධනයන්ට ලක් වූ සිය සහෝදර ජනයාට මෙමඟින් අපහාස වන බව විරෝධතාකරුවෝ පවසති.