මෙක්සිකොවේ ගුවරෙරෝ ප්‍රාන්තයේ ඇකපුල්කෝ නගරයේ පිහිටි ලාස් කෘකස් බන්ධනාගාරය තුළ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් අතර සිදුවූ ගැටුමකින් රැඳවියන් 28දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
පිහියෙන් ඇනීමෙන් හා පහරදීමෙන් මොවුන් මියගොස් ඇති බවත් සමහරුන්ගේ හිසගසා දමා තිබුණු බවත් බන්ධනාගාර බලධාරීහු පවසති.
තත්වය පාලනය කිරීම සඳහා ප්‍රාන්ත පොලිසිය හා යුද හමුදාව කැඳවා ඇත. මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලාස් කෘකස් බන්ධනාගාරයේ රැඳවියන් 2000ක් පමණ රඳවා සිටි බවයි.
මෙය එම බන්ධනාගාරයේ රැඳවිය හැකි ප්‍රමාණයට වඩා වැඩි සංඛ්‍යාවක් බව ද වාර්තා වේ. ගුවරෙරෝ ප්‍රාන්තයේ විශාලම නගරය වන ඇකපුල්කෝ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ප්‍රසිද්ධියක් උසුලන අතර මෙක්සිකෝවේ සාහසික ක්‍රියා වැඩිවශයෙන්ම සිදුවන නගරය බවට පත්වී ඇත.

(බීබිසී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd