මෙක්සිකෝවේ ඉරාපුවාටෝ නගරයේ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තැබීම හේතුවෙන් 10 දෙනකු මියගොස් තිබේ.
නාඳුනන ප්‍රහාරකයින් තිදෙනකු වෙඩිතැබීම සඳහා පැමිණ ඇති බව ගුවනාජුවාටෝ ප්‍රාන්ත රජය පවසයි.
ඉරාපුවාටෝ නගරය අයත් ගුවානාජුවාටෝ කලාපය සමූහ ප්‍රචණ්ඩත්වයේ ප්‍රධානම ස්ථානයක් බවට මේ වවිට පත්ව ඇතැයි බලධාරීහු පවසති.
මෙම මිනීමැරීම් සිදුවන්නේ කොරෝනා වයිරසය පැතිරීම වැළැකිවීම සඳහා අගුලු දැමීමේ පියවර ක්‍රියාත්මක වෙමින් පවතිද්දීය.
පුනරුත්ථාපන මධ්‍යස්ථාන මීට පෙරදී ද අපරාධ කල්ලි වල ඉලක්ක බවට පත්විය.
2017 සැප්තැම්බර් මාසයේදී මෙක්සිකෝවේ උතුරු දිග චිහුවාහි මත්ද්‍රව්‍ය පුනරුත්තාපන මධ්‍යස්ථානයකට මැර කල්ලි විසින් ඒල්ල කරන ලද ප්‍රහාරයකින් පුද්ගලයන් 14දෙනකු මියගොස් කිහිපදෙනකු තුවාල ලැබූහ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd