මෙක්සිකෝවේ මධ්‍යම ඉරාපුවාටෝහි මත්ද්‍රව්‍ය පුනරුත්තාපන මධ්‍යස්ථානයකට තුවක්කුකරුවන් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් 24 දෙනකු මියගොස් තිබේ.
ප්‍රහාරයෙන් 07 දෙනකු තුවාල ලබා ඇති අතර තිදෙනකුගේ තත්ත්වය බරපතල බව පොලිසිය පවසයි.
මාසයක් ඇතුළත එම පුනරුත්තාපන මධ්‍යස්ථානයට එල්ල වූ දෙවන ප්‍රහාරය මෙය වේ.
මීට පෙර සිදුකරන ලද ප්‍රහාරයේදී 10 දෙනකු මිය ගිය බව වාර්තා වී තිබිණි.
ප්‍රතිවාදී කණ්ඩායම් වල සාමාජිකයින් සැඟවී සිටින බවට විශ්වාස කරන හෙයින් සන්නද්ධ කණ්ඩායම් විසින් සායන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව පොලිසිය සඳහන් කරයි.
ප්‍රහාරය සිදුකළ අය පිළිබඳව තොරතුරු ලැබී නොමැති බවත් සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකකරන බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd