මෙක්සිකෝවේ මිචෝආකැන් ප්‍රාන්තයේ පාතාල කල්ලි අතර ඊයේ ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 43 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ ගැටුම් මර්ධනය කිරීමට ගිය පොලිස් නිලධාරින් පිරිසක් තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි ද එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ගැටුම අවසානයේ එහි තිබී ගිනි අවි 30ට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබිණි.