IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මෙක්සිකෝ භූම්කම්පාවෙන් මිය ගිය ගණන ඉහළට

මෙක්සිකෝවට බලපෑ දරුණු භූමිකම්පාවෙන් මියගිය ගණන 90 දක්වා වැඩි වී ඇතැයි බලධාරීහූ ප්‍රකාශ කරති.
දකුණු මෙක්සිකෝවේ ඔක්සාකා ප්‍රාන්තයේ පමණක් මියගිය ගණන 71ක් යැයි තහවුරු වීමත් සමඟ මියගිය ගණන 90-ක් දක්වා වැඩි වී ඇතැයි ඔවුහු කියති.

“හැත්තෑ එක් දෙනෙක් මියගිහින්. ඔක්සාකා ප්‍රාන්තයේ ප්‍රාන්තයේ පමණක් 71ක් මියගිහින්” යැයි එම ප්‍රාන්තයේ සිවිල් ආරක්ෂණ අධිකාරියේ ප්‍රකාශක ජීසස් ගොන්සාලේස් මහතා පැවැසීය.

භූමි කම්පාවෙන් අසල්වැසි චියාපාස් ප්‍රාන්තයේ 15 දෙනකු මියගොස් ඇතැයි ද ටැබැස්කෝ ප්‍රාන්තයේ 4 දෙනකු මියගොස් ඇතැයි ද එම ප්‍රාන්තවල බලධාරීහු ප්‍රකාශ කරති.

මෙක්සිකෝවට බලපෑ මෙම භූමිකම්පාව 1985 වසරෙන් පසු එරටට බලපෑ ප්‍රබලතම භූමිකම්පාව ලෙස සඳහන් කර තිබුණි. චියපාස් ප්‍රාන්තයේ වෙරළට සීමාවට ඔබ්බෙන් ඇති වූ මෙම භූමිකම්පාව රික්ටර් මාපකාංකයේ 8.1ක ප්‍රබලත්වයක් පෙන්නුම් කළේය. වසර 1985 ඇති වූ භූමි කම්පාවෙන් දහස් ගණනක් ජීවිත්කෂයට පත්වූහ.

රොයිටර් 055



අදහස් (0)

මෙක්සිකෝ භූම්කම්පාවෙන් මිය ගිය ගණන ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site