මෙක්සිකෝවට බලපෑ දරුණු භූමිකම්පාවෙන් මියගිය ගණන 90 දක්වා වැඩි වී ඇතැයි බලධාරීහූ ප්‍රකාශ කරති.
දකුණු මෙක්සිකෝවේ ඔක්සාකා ප්‍රාන්තයේ පමණක් මියගිය ගණන 71ක් යැයි තහවුරු වීමත් සමඟ මියගිය ගණන 90-ක් දක්වා වැඩි වී ඇතැයි ඔවුහු කියති.
“හැත්තෑ එක් දෙනෙක් මියගිහින්. ඔක්සාකා ප්‍රාන්තයේ ප්‍රාන්තයේ පමණක් 71ක් මියගිහින්” යැයි එම ප්‍රාන්තයේ සිවිල් ආරක්ෂණ අධිකාරියේ ප්‍රකාශක ජීසස් ගොන්සාලේස් මහතා පැවැසීය.
භූමි කම්පාවෙන් අසල්වැසි චියාපාස් ප්‍රාන්තයේ 15 දෙනකු මියගොස් ඇතැයි ද ටැබැස්කෝ ප්‍රාන්තයේ 4 දෙනකු මියගොස් ඇතැයි ද එම ප්‍රාන්තවල බලධාරීහු ප්‍රකාශ කරති.
මෙක්සිකෝවට බලපෑ මෙම භූමිකම්පාව 1985 වසරෙන් පසු එරටට බලපෑ ප්‍රබලතම භූමිකම්පාව ලෙස සඳහන් කර තිබුණි. චියපාස් ප්‍රාන්තයේ වෙරළට සීමාවට ඔබ්බෙන් ඇති වූ මෙම භූමිකම්පාව රික්ටර් මාපකාංකයේ 8.1ක ප්‍රබලත්වයක් පෙන්නුම් කළේය. වසර 1985 ඇති වූ භූමි කම්පාවෙන් දහස් ගණනක් ජීවිත්කෂයට පත්වූහ.
රොයිටර් 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd