අවුරුදු ගණනක මෙහෙයුමකින් පසු අල්ලා ගැනුණු මෙක්සිකෝවේ අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන ජොකුයින් එල් චැපෝ සිරගත කර සිටි ඇල්ටිප්ලැනෝ සිරගෙදරින් පැනගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චැපෝ සිරගතකර ගතව තිබුණේ මාස 16 ක් වැනි කාලයකි. ඔහුගේ ගැලවීමේ මාර්ගය වී ඇත්තේ සිරකුටියේ නාන කාමරයේ සිට පිටතට විහිදෙන උමගක් බව එම වාර්තාවන්ගේ වැඩිදුරටත් සදහන් වේ.
මේ උමග කැණීමට ඔහුට පිටතින් උදවු ලැබී ඇති බවට ලකුණු පෙනෙන්නට තිබෙන බව මෙක්සිකෝ බළධාරීන් පවසන අතර උමගට විදුලි ආලෝකය සපයා තිබුණු බවත්,හදිසි අවස්ථාවකදී ප‍්‍රයෝජනයට ගැනීමට ඔක්සිජන් ටැංකි පවා එහි තබා තිබුණු බවත් ඔවුන් කියයි.
එල් චැපෝ එදා මෙදාතුර මෙක්සිකෝවේ බිහිවූ දරුණුතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැළකෙන අතර ඔහුගේ සිනලෝආ කල්ලියේ කි‍්‍රයාකාරකම් නිසා මෙක්සිකෝවට අහිමිව ඇති ජීවිත සංඛ්‍යාව 100,000 ඉක්මවයි. තමන්ට එරෙහිව කටයුතු කරන්නන්ට ඉතාම ම්ලේච්ඡ ලෙස දඩුවම් දීමට කටයුතු කරන්නෙකු ලෙසද එල් චැපෝ නමක් දිනාගෙන සිටින්නෙකි.
පෙර අවස්ථාවක සිරගත කර සිටියදී ඔහු මෙලෙසම පලා ගියේය. සිරගෙදර සිටි ආරක්ෂක නිළධාරීන් කිහිපදෙනෙක් ඔහුගේ මුදල් වලට ගිජුවී කටයුතු කර ඇතැයි පසුව අනාවරණය විය.
එල් චැපෝගේ කි‍්‍රයාකාරකම් ඇමරිකාවටද මහත් හිසරදයක්වූ අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා එරට බළධාරීන් ද නොයෙකුත් මෙහෙයුම් කි‍්‍රයාත්මක කළේය.
එල් චැපෝ සිටින්නේ කොතැනදැයි සොයාගැනීමට මේ දක්වාම නොහැකිව ඇත. තවත් වසර ගණනාවක් යන තෙක් ඔහුගේ ලකුණකුදු දක්නට නොහැකිවුවහොත් එහි පුදුමයක් නැත.
2025 නොවැම්බර් මස 04
488
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2229
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙක්සිකෝ කුඩු ජාවාරමා හිරෙන් පනී
සංජීව Monday, 13 July 2015 11:12 AM
ලංකාවේ ඡන්දෙට එන්නද දන්නේ නෑනේ (බ)
දිසා Thursday, 16 July 2015 01:25 AM
මෙය ෂුවර් එකටම ලංකාවේ හිටපු ලොකු අයත් එක්ක සම්බන්ද කම් ඇති , ඒකනේ මෙයා පැන්න ගමන් , ඒ හයිය හිතට අරන් අපේ හිටපු ලොක්ක ලේකම්ගේ මූණට සැලකුවේ , (ස)
වජිරපාල Monday, 13 July 2015 06:35 PM
පුුදුමාකාර දක්ෂයෙක්! (නි)
ප්‍රසන්න Monday, 13 July 2015 06:35 PM
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිවුවලු නේද? (නි)
චන්දන Monday, 13 July 2015 07:18 AM
අපේ පොලිසිය ආදර්ශයට ගන්න කියන්න. ඔය වගේ කෙනෙක් අත්අඩංගුවට ගත්තහම සගවපු ආයුධ හොයන්න එක්කගෙන යන්න.(ම)
ඉසුරන්දි Monday, 13 July 2015 07:34 AM
ලෝකේ තාක්ෂණික අතින් කොච්චර දියුණු වුනත් වැඩක් නැහැ මේ වගේ දේවල් සිද්ධ වෙනවනම්. (බ)
සමීර Monday, 13 July 2015 07:38 AM
ප්‍රිස්න් බ්රේක් ඊළඟ කතාව (බ)
දුමින්ද Thursday, 16 July 2015 08:37 AM
කුඩු ග්‍රෑම් 6 කට හිර බත් කන වෙලේ සුදා අහිංසකයෙක් නේද ? (නදී)
යහම්පත් Tuesday, 14 July 2015 07:50 AM
දකුණු ඇමරිකානු රටවල රජයෙන් නිලධාරීන්ගෙන් මේ මත් කුඩු ජාවාරම් වලට උදව් ලැබෙනවා. එමගින් එම රටවලට විශාල විදේශ මුදල් එනවා. මේ පැන යාමට රජයේ බලවත් අයගේ උදව් ලැබී තියෙන්න පුළුවන්. ලෝකයේ සෑම රටකම බලවත් දේශපාලකයන්ගේ අනුදැනුම උදව් නිසා තමා එම රටවල මත් ද්‍රව්‍ය ජාවාරම් කෙරෙන්නේ. උදාහරණයකට අපේම රට ගන්න (නදී)
මාපලගම පත්මා Tuesday, 14 July 2015 07:53 AM
ගමගේ මහතාගේ කතාව මසුරන් වටිනවා , පාරිබෝගකයින් නැතිනම් මේවා නවතිනවා , මිල පහල ගොස් ඉබේම වෙළදාම නවතිනවා . (ස)
සමන් Tuesday, 14 July 2015 01:40 AM
සල්ලි වලට යටවෙන අය සිටිනාතුරු මෙවන් දේවල් සිදුවේවි (නි)
පෙරේරා Monday, 13 July 2015 08:56 AM
අහුවුණොත් හිරෙන් පැනපු බවක් මතක නැහැ කියයිද දන්නේ නැහැ නේද???(ම)
ගමගේ Tuesday, 14 July 2015 02:09 AM
ඔය මත් ජාවාරම නවත්වන්න බැහැ. හොඳට බලන්න ඔය ජාවාරමේ නායකත්වයේ ඉන්න අය ඕවා පාවිච්චි කරනවද කියලා. නැහැ නේද? සාමාන්‍ය අය විතරයි පාවිච්චි කරන්නේ. කොතනින්ද මේක නවත්වන්න පටන් ගන්න පුළුවන් කියලා ඕනෑ අත දරුවෙකුට වුණත් තේරෙනවා. පාරිභෝගිකයන් පිරිසක් ඉන්නවා නම්, ඉල්ලුමක් තියෙනවා නම් අනිවාර්යෙන්ම සැපයුමක් ඇතිවෙනවා. (නි)