අවුරුදු ගණනක මෙහෙයුමකින් පසු අල්ලා ගැනුණු මෙක්සිකෝවේ අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන ජොකුයින් එල් චැපෝ සිරගත කර සිටි ඇල්ටිප්ලැනෝ සිරගෙදරින් පැනගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චැපෝ සිරගතකර ගතව තිබුණේ මාස 16 ක් වැනි කාලයකි. ඔහුගේ ගැලවීමේ මාර්ගය වී ඇත්තේ සිරකුටියේ නාන කාමරයේ සිට පිටතට විහිදෙන උමගක් බව එම වාර්තාවන්ගේ වැඩිදුරටත් සදහන් වේ.

මේ උමග කැණීමට ඔහුට පිටතින් උදවු ලැබී ඇති බවට ලකුණු පෙනෙන්නට තිබෙන බව මෙක්සිකෝ බළධාරීන් පවසන අතර උමගට විදුලි ආලෝකය සපයා තිබුණු බවත්,හදිසි අවස්ථාවකදී ප‍්‍රයෝජනයට ගැනීමට ඔක්සිජන් ටැංකි පවා එහි තබා තිබුණු බවත් ඔවුන් කියයි.

එල් චැපෝ එදා මෙදාතුර මෙක්සිකෝවේ බිහිවූ දරුණුතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැළකෙන අතර ඔහුගේ සිනලෝආ කල්ලියේ කි‍්‍රයාකාරකම් නිසා මෙක්සිකෝවට අහිමිව ඇති ජීවිත සංඛ්‍යාව 100,000 ඉක්මවයි. තමන්ට එරෙහිව කටයුතු කරන්නන්ට ඉතාම ම්ලේච්ඡ ලෙස දඩුවම් දීමට කටයුතු කරන්නෙකු ලෙසද එල් චැපෝ නමක් දිනාගෙන සිටින්නෙකි.

පෙර අවස්ථාවක සිරගත කර සිටියදී ඔහු මෙලෙසම පලා ගියේය. සිරගෙදර සිටි ආරක්ෂක නිළධාරීන් කිහිපදෙනෙක් ඔහුගේ මුදල් වලට ගිජුවී කටයුතු කර ඇතැයි පසුව අනාවරණය විය.

එල් චැපෝගේ කි‍්‍රයාකාරකම් ඇමරිකාවටද මහත් හිසරදයක්වූ අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා එරට බළධාරීන් ද නොයෙකුත් මෙහෙයුම් කි‍්‍රයාත්මක කළේය.

එල් චැපෝ සිටින්නේ කොතැනදැයි සොයාගැනීමට මේ දක්වාම නොහැකිව ඇත. තවත් වසර ගණනාවක් යන තෙක් ඔහුගේ ලකුණකුදු දක්නට නොහැකිවුවහොත් එහි පුදුමයක් නැත.

2A7B347900000578-3157960-image-a-10_1436744308962[1] 2A76A04600000578-3157960-On_the_run_Joaquin_Guzman_Loera_pictured_in_a_mugshot_last_year_-m-66_1436726171056[1] 2A78330700000578-3157960-image-m-33_1436714126579[1] article-urn_publicid_ap