මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් 15 දෙනකු ජීවිතක්ෂ‍යට පත්ව ඇතැයි පැවැසෙයි.

රථ වාහන කිහිපයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරත් සමග ගින්නක් ද හටගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එසේම, අනතුරින් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගතකිරිමට කටයුතු කර ඇති බවත් ඇතැම් පුද්ගලයන්ගේ තත්ත්වය බරපතල බවත් වාර්තා වේ.