
රුසියන් යුක්රේන යුද්ධය විසඳීමේදී, යුක්රේනයට අසාධාරණයක් නොකරන්නැයි ඉල්ලමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ, ධවල මන්දිරයේ දී ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය.
යුක්රේනයට සාමය උදා කිරීම යනු, යුක්රේනය රුසියාවට යටත් නොවීම යැයි මැක්රොන් ට්‍රම්ප්ට පෙන්වා දුන්නේය.
ට්‍රම්ප් රුසියන් යුක්රේන යුද්ධය විසඳීමට සූදානම් වන්නේ රුසියාවට පක්ෂව යැයි යුක්රේනයේ හිතවතුන් වන ප්‍රංශය ද ඇතුළු සෙසු යුරෝපා රටවල් චෝදනා කරයි.
සුහඳශීලීව පැවැති සාකච්ඡා අතරතුරේ, ට්‍රම්ප් මැක්රොන්ට පෙන්වා දුන්නේ රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් නොකළොත්, එය තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යෑම නැවැත්විය නොාහැකි බවය. එසේ වීමට තමන් කිසිසේත් ඉඩ නොදෙන බවට ට්‍රම්ප් පොරොන්දු විය.
මැක්රොන්, ධවල මන්දිරයේ දී ට්‍රම්ප් හමුවූයේ, රුසියන් යුක්රේන යුද්ධයට වසර තුනක් සපිරෙද්දී වීම විශේෂත්වයකි.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැක්රොන් සහ ට්‍රම්ප්ගේ හමුවීම යුක්රේන සාමයට ඉමක් වේවා!