ඇමසොන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් ගේ හිටපු බිරිඳ මැකෙන්සි ස්කොට්, දික්කසාදයෙන් පසු ලොව ධනවත්ම කාන්තාවන් අතරින් කෙනෙකු බවට පත් වී සිටී.
පසුගිය දා ඇය ඇය සතු ධනයෙන් ඩොලර් බිලියන 2.7ක් පුණ්‍ය ආයතන සහ සංවිධාන සඳහා ලබා දී තිබේ. ඇයගේ මෙම මුදල බෙදී ගිය පුණ්‍ය ආයතන සහ සංවිධාන ගණන 286 කි.
මැකෙන්සි ස්කොට්, ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමසොන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් ගෙන් 2019 දී දික්කසාද වුවාය. දික්කසාදයත් සමඟ ඇයට හිමිවුණු වන්දිය අතිමහත්ය.
මැකෙන්සි ස්කොට්, යළි විවාහ වී සිටී. ඒ ගුරුවරයකු සමඟ ය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd