සෞදි අරාබියේ මක්කමට හජ් වන්දනාවේ යෙදෙන බැතිමතුන් මිලියන දෙකක් පැමිණ ඇතැයි වාර්තා වේ.
ලොව පුරා මුස්ලිම් බැතිමතුන් හජ් වන්දනාව උදෙසා සෑම වසරකදීම සෞදියේ මක්කමට පැමිණෙයි. මෙවර ලොව නන්දෙසින් මක්කමට පැමිණි ප්‍රමාණය මිලියන 2ක් බවට දැනට ගණන් බලා තිබේ.
මක්කම මහා පල්ලිය වන්දනා මාන කිරීමට පැමිණෙන අය අතර ඇතිවන තෙරපීම් නිසා සෑම වසරකදීම සැලකිය යුතු බැතිමත්හූ සංඛ්‍යාවක් මිය යති.
පසුගිය වසරේදී ඇති වූ තෙරපීම්වලින් 2,300ක් මියගිය අතර ඉන් 464ක් ඉරාන ජාතිකයෝ වූහ.
එම අවස්ථාවේදී සෞදිය නිසි ලෙස සංවිධාන කටයුතු කර නැතැයි පවසමින් ඉරාන බලධාරීහූ සෞදියට චෝදනා කළහ. ඉරානයේ තෙහ්රාන් නුවර සෞදි තානාපති කාර්යාලයට පිරිසක් කඩා වැදීමත් සමඟ රටවල් දෙකක් 2016 වසරේ ජනවාරි මාසයේදී ඉරානය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සීමා කළේය. කෙසේ නමුත් ඉරානයට හෝ සුන්නි රටක් වන සෞදියට එම අර්බුදය දිගටම පවත්වාගෙන යෑමට අවශ්‍ය නොවීය.
මේ වසරේ හජ් වන්දනාව පැවැත්වෙන්නේද ගල්ෆ් කලාපයේ දරුණු දේශපාලනික අර්බුදයක් හා ඉරාකයේ සහ සිරියාවේ අයි.එස් සංවිධානයට එරෙහිව සටනක් පැවැත්වෙද්දිය.
(ඩේලිමේල් ඇසුරිනි - 055)
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මක්කමට මිලියන දෙකක්
Abdul Shakoor Wednesday, 30 August 2017 06:41 AM
හොඳයි
husen-riyad Wednesday, 30 August 2017 07:40 AM
කොතෙක් බාධක කම්කටොළු තිබ්බත්..., ජීවිතේ එකම එක පාරක් හෝ ශුද්ධ මක්කම සහ මදීනා නගරයන්වලට පැමිණ වන්දනාමාන කිරීම ඉතාමත් විශිෂ්ට වරප්‍රසාදයක් හැටියටයි ඉස්ලාම් භක්තිකයින්ගේ අදහන්නේ...