සෞදි අරාබියේ මක්කමට හජ් වන්දනාවේ යෙදෙන බැතිමතුන් මිලියන දෙකක් පැමිණ ඇතැයි වාර්තා වේ.
ලොව පුරා මුස්ලිම් බැතිමතුන් හජ් වන්දනාව උදෙසා සෑම වසරකදීම සෞදියේ මක්කමට පැමිණෙයි. මෙවර ලොව නන්දෙසින් මක්කමට පැමිණි ප්‍රමාණය මිලියන 2ක් බවට දැනට ගණන් බලා තිබේ.
මක්කම මහා පල්ලිය වන්දනා මාන කිරීමට පැමිණෙන අය අතර ඇතිවන තෙරපීම් නිසා සෑම වසරකදීම සැලකිය යුතු බැතිමත්හූ සංඛ්‍යාවක් මිය යති.
පසුගිය වසරේදී ඇති වූ තෙරපීම්වලින් 2,300ක් මියගිය අතර ඉන් 464ක් ඉරාන ජාතිකයෝ වූහ.
එම අවස්ථාවේදී සෞදිය නිසි ලෙස සංවිධාන කටයුතු කර නැතැයි පවසමින් ඉරාන බලධාරීහූ සෞදියට චෝදනා කළහ. ඉරානයේ තෙහ්රාන් නුවර සෞදි තානාපති කාර්යාලයට පිරිසක් කඩා වැදීමත් සමඟ රටවල් දෙකක් 2016 වසරේ ජනවාරි මාසයේදී ඉරානය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සීමා කළේය. කෙසේ නමුත් ඉරානයට හෝ සුන්නි රටක් වන සෞදියට එම අර්බුදය දිගටම පවත්වාගෙන යෑමට අවශ්‍ය නොවීය.
මේ වසරේ හජ් වන්දනාව පැවැත්වෙන්නේද ගල්ෆ් කලාපයේ දරුණු දේශපාලනික අර්බුදයක් හා ඉරාකයේ සහ සිරියාවේ අයි.එස් සංවිධානයට එරෙහිව සටනක් පැවැත්වෙද්දිය.
(ඩේලිමේල් ඇසුරිනි - 055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි
කොතෙක් බාධක කම්කටොළු තිබ්බත්..., ජීවිතේ එකම එක පාරක් හෝ ශුද්ධ මක්කම සහ මදීනා නගරයන්වලට පැමිණ වන්දනාමාන කිරීම ඉතාමත් විශිෂ්ට වරප්‍රසාදයක් හැටියටයි ඉස්ලාම් භක්තිකයින්ගේ අදහන්නේ...