IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මක්කම අනතුරෙන් ලාංකිකයින්ට අනතුරක් නෑ

සෞදි අරාබියේ මක්කම ප්‍රධාන දේවස්ථානය තුළට විශාල දොඹකරයක් පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකුට බැතිමතෙකුට අනතුරක් සිදුවී නැති බවට තහවුරු වී ඇතයි  රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පවසයි. සියයකට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්වූ මෙම අනතුරෙන් දෙසීයකට අධික පිරිසක් තුවාල ලැබු අතර හදුනාගැනීම සඳහා  මේ වනවිටත් විවිධ  රටවලට අයත් මියගිය බැතිමතුන්ගේ ඡායාරුප 108 ක්  තානාපති කාර්යාල වෙත මුදාහැර ඇති බව සෞදි පුවත්පත් සඳහන් කරයි.

මෙම අනතුරෙන් මේ පාකිස්තාන ජාතිකයින් 11 දෙනෙකු, ඉන්දියා ජාතිකයින් 9 දෙනෙකු මරණයට පත්වී ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු සමඟ බවද සදහන් කරන අතර ඉන්දියා ජාතිකයෝ 11 දෙනෙක් තුවාල ලදහ. බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ද මෙම අනතුරෙන් මිය ගියේය. 



අදහස් (0)

මක්කම අනතුරෙන් ලාංකිකයින්ට අනතුරක් නෑ

හරින් Monday, 14 September 2015 01:47 PM

සුබ ආරංචියක් (නි)

:       0       0

චරිත Tuesday, 15 September 2015 07:37 AM

සතුටට කරුණ නියම බෞද්ධකම තිබෙන අය අදහස් දක්වා තිබෙන එකයි. (නි)

:       0       0

චරිත Tuesday, 15 September 2015 07:43 AM

ෆාරුක් මහත්මයා, මම මගේ මුස්ලිම් යහළුවන්ගෙන් අහලා බැලුවා, ඔබගේ අදහස වැරදියි. (නි)

:       0       0

මෝහමෙඩ් ෆාරුක් Tuesday, 15 September 2015 08:20 AM

චරිත, උපතින් තමන් අදහස ආගමට අයත් වුවත් ආගම ධර්මය ගැන වැටහීමක් තිබෙන කොටස අල්පය. ඒකනිසා තමා ආගම් බේද , ජාති බේද, කුල මල ප්‍රශ්න ඇති කරගන්නේ (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 15 September 2015 03:25 AM

ශ්‍රී ලාංකිකයින් විදියට අපි අනතුරට පත්වූවන් ගැන ඉතා කණගාටු වෙමු. (නි)

:       0       0

සෑම් Tuesday, 15 September 2015 08:50 AM

ෆාරුක් මහත්මයා ඔයාගේ අදහස වැරදියි. එතන මරුන හැමෝම ස්වර්ගයට යනවා කියන අදහස වැරදියි ඔබ ස්වර්ගය විශ්වාස කරනවා නම්. මුස්ලිම් ආගමට අනුව එය තීරණය කරන්නේ දෙවියන් වහන්සේ. (බ)

:       0       0

නිශාන්ත Monday, 14 September 2015 08:00 AM

අපේ ලාංකිකයින් වාසනාවන්තයි (නි)

:       0       0

මහේෂ් Monday, 14 September 2015 05:06 PM

අපේ ලාංකිකයින්ට යහපතක්ම වේවා! (නි)

:       0       0

මැටිපහන Tuesday, 15 September 2015 10:22 AM

නිරගාමිකව සිතන්න. එතකොට මේ හැම දෙයක්ම පැහැදිලිව පෙන්න පටන් ගනීවි. උදාහරණයක් විදියට ගත්තොත් මේ සිද්දිය කාර්මික දෝෂයක් සහ කාලගුණය නිසා සිදුවූ දෙයක්. ඔය කොම්පැනිය දැන් රිපෝට් එකක් හදාවි ඒ කාර්මික අතපසු වීම් ගැන කියල. මම හිතන්නේ නෑ ඒ රිපෝට් එකේ තියේවි කියල මේක සිද්ද වුනේ එයාලගේ කරුමෙට හෝ දෙවියන්ගේ කැමැත්ත හෝ කෝපය නිසා හෝ කියල. (බ)

:       0       0

උම්මේර් Tuesday, 15 September 2015 04:00 PM

මැටිපහන, ඔබේ නිර්වචනය 100%ක්ම හරි. (නි)

:       0       0

මොහොමඩ් ෆාරුක් Monday, 14 September 2015 08:54 AM

ලංකාවෙන් ගිය මක්කම වන්දනා කරුවන්ට දෙවියන් වහන්සේගේ ස්වර්ගයේ ජිවත් වීමට වරම් ලැබිලා නැහැ , මේ අවස්ථාව ලැබෙන්නේ නියම අල්ලාහ් දෙවියන් වන්දනා කරන ඔහුගේ දර්ශනය ක්‍රියාවට නගන අයට (බ)

:       0       0

ගාමිණී විජේගුණවර්ධන Tuesday, 15 September 2015 05:37 PM

බෞද්ධ දර්ශනයේ විදියට සෑමදෙයක්ම සිද්ධවන්නේ පෙර කරන ලද අකුසල් හෝ මේ ආත්මයදී කළ අකුසල් අනුවයි. මැටිපහන මහතාණෙනි , මියගිය අයට නිවන් සුව පතමු! ඔවුන් වෙන ආගමක වුණත්, අපට කළහැකි දේ එපමණය (නි)

:       0       0

රුවන් Monday, 14 September 2015 09:01 AM

අපරාදේ ? (නදී)

:       0       0

යටවත්ත Monday, 14 September 2015 12:19 PM

දැනුයි හිතට සැනසීමක් දැනුනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 498 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2240 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site