අධික වර්ෂාව සමඟ ආ වැලි කුණාටුවක් සමඟ මක්කම අල් මජීඩ් අල් හරාම් ඉස්ලාමීය පුද බිමේ දොඹකරයක් කඩා වැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 107ක් බව ඒජන්සි වාර්තා සඳහන් කරයි. සිකුරාදා සවස පැවැත්වු යාඥාවට සහභාගී වූ බැතිමතුන් විශාල පිරිසක් පූජා භූමියේ රැඳීසිටි නිසා අනතුරින් මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගිය බව අරාබි රජයේ ප්‍රකාශකයකු පවසා ඇත. වැලි කුණාටුව සමඟ කුළුණ මහා පල්ලියේ වහල මත විශාල දොඹකරය කඩා වැදී ඇත.

ලොව පුරා සිටින මුස්ලිම් බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ මාස 21 සිට 26 දක්වා පැවැත්වෙන හජ්ජි උත්සවයට සහභාගි වනු ඇතැයි අපේක්ෂිත බැවින් ඔවුනට පහසුකම් සලසා දීම පූජා භූමිය  පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා යෙදා ඇති දොඹකරයක් මෙසේ කඩා වැටී ඇත.

Mecca_3[1] MECCA_4[1] MECCA_6[1] Mecca_10[1] Mecca1[1]

dom1[1] dom4[1]