තම සුරතල් බැළලියට බලූ පැටවකුට ඉපදී ඇතැයි දැඩිව විශ්වාස කරන පුද්ගලයෙකු ගැන චීනයේ කුයියුවාන් ප‍්‍රදේශයේ සිටි.
ඔහු පවසන ආකාරයට මෙම බලූපැටවා බැළලියගේ බඩෙන් මිස අන් තැනකින් පැමිණීමේ ඉඩක් නොමැත. බැළලිය පැටවුන් ප‍්‍රසූත කළ අවස්ථාවක එම පැටවුන් අතර මෙම බලූ පැටවාද සිටි බව කියන ඔහු පැටවා මව හා සම්බන්ධව සිටි පෙකණි වැලද කපා ඉවත් කළේ තමා බව සහතික කර කියා සිටී.
මුල් අවදියේ අනෙක් පැටවුන් සමඟ සැසදීමේදී වෙනස් දැකගත නොහැකි වුවත් දැන් මාස කිහිපයක් ගතව තිබෙන තැන බලූ - බළල් වෙනස හොදින් පෙනෙන්නට පටන්ගෙන තිබෙන බව ඔහු පවසයි.
චීන මාධ්‍ය මෙම පුද්ගලයාට විශාල ප‍්‍රසිද්ධියක් ලබාදී තිබේ. බොහෝ දෙනා ඔහු විකාරයෙන් කියවන්නෙක් යැයි පවසා ඔහුට නින්දා කිරීමට කටයුතු කර ඇතත් මෙම පුද්ගලයා තමන්ගේ මතය වෙනස් කිරීමට සූදානම් නැත.
මේ නිසා ඔහුගේ පවුලේ සාමාජිකයින් අතරද මේ දිනවල අඩදබර ඇතිවෙමින් පවතින බව සදහන්ය.
බලූ පැටවා “චුවාවා’’ නම් ප‍්‍රමාණයෙන් කුඩා සුනඛ වර්ගයට අයත් බව ඔහු පවසයි.තම නිවසේ වැඩිමහල් සුනඛයින් දෙදෙනෙකු සිටියත් ඔවුන් මෙම බලූ වර්ගයට අයත් නොවන බව ඔහු කියයි.
දෙපා සතුන් තම උපත ගැන වාදවිවාද පවත්වද්දී තම මව බිළාලයෙකු වුවත් කම් නැතැයි සිතාදෝ බලූ පැටවා කාලය ගතකරන්නේ තමන්ගේ මව බව කියන බැළලිය සමගමය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබුද්දස්ස කාලේ! (නි)
අබුත්දස්ස කාලේ ලබුත් තිත්තයි.(කේ)
අනේ මේ බලු පැටියා පූස් අම්මාගෙන් වෙන්කරන්න එපා. (නි)