වඳවෙමින් යන ලැයිස්තුවට ලොව ප්‍රථම වතාවට මී මැසි වර්ගයක් ඇතුළු කළ බව විදෙස් මාධ්‍ය පවසයි.හවායී හී මී මැසි වර්ග 7ක් මෙලෙස ඇමෙරිකා ෆෙඩරල් ලැයිස්තුවට ඇතුළු කර ඇත.
හිස කහ පැහැති මෙම මී මැස්සන්ගේ වාසස්ථාන අහිමී වීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇතැයි පරිසරවේදීහු පවසති.මේ මී මැස්සන් ලොව පුරා සිටියද ආරක්ෂා කළ යුතු ලැයිස්තුවට ඇතුළු කරනුයේ හවායී මී මැස්සන් පමණක් බව සදහන් වේ.
මෙම මී මැස්සන් හවායී හී වඳවෙමින් යන ශාක වල පරාගනය කරන බව ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එරංග අදහස සහ අතුල ගේ අදහස වැදගත්. ලේසියට බෙහෙත් ගහල තණකොළ මරල ගිනි තියනවා, නැතිනම්, මැෂිමේ උදව්වෙන් තණකොළ කපනවා. පළගැටි , කණමැදිරි සියලු සතුන් විනාශ වෙනවා. (බ)
ඇමෙරිකවමයි මේ තත්වය ඇති කරගත්තේ, මීට වසර කිහිපයකට කලින් අප්‍රිකාව නිජ බිම කරගත් මීමැසි වර්ගයක් ඇමරිකාවට ගෙනත් වැඩි දුර පරීක්ෂණ කර ඇමරිකාවේ මේ සදහන් හිස කහ පැහැති මී මැස්සන් ගේ ජාන ඒ අප්‍රිකානු මී මැස්සන්ට ඇතුල් කරමින්, නමුත් සිදු උනේ ඔවුන් කිසි සේත් බල පොරොත්තු නුවූන දෙයක්, ඉන් ජනිත උන අලුත් පරම්පරාවේ මී මැස්සන් වඩා ප්‍රචණ්ඩ කාරී වූ අතර ලබාදෙන මී පැණි ප්‍රමාණය බොහෝ අඩු විය, ඒ අතර අලුත් පරම්පරාවේ මී මැසි කණ්ඩායමක් විද්‍යාගාර තුලින් පරිසරයට පලා ගොස් වර්තමානය වන විට ඇමරිකාව නිජ බිම කරගත් මේ කහ පැහැති මී මස්සන්ව විනාශ කරන අතර, අලුත් පරම්පරාව සීග්‍රයෙන් බෝවෙන්න පටන් ගෙන ඇත, ඇමරිකාවේ අදාල විද්වතුන් කියා සිටින්නේ මේ අලුත් මී මැස්සන් උණුසුම් පරිසර තත්ත්ව යටතේ වඩාත් බෝවෙන අතර සීත පරිසර තත්වයන්ට ඔරොත්තු නොදෙන බවයි, කොහොම උනත්, මිනිසාගේ ක්‍රියා කාරිත්වය නිසාම පරිසරය විනාශ වීම පමණයි දවසින් දවස සිදු වෙන්නේ. (ර)
මම ජීවත්වෙන්නේ ගමක. ඉස්සර හවස් කලේ සාවධානව කන්දුන්නම දහස් ගානක මී මැසි නාදය ඇහෙනවා. එහෙත් දැන් ගුමු ගුමුව ඇසෙන්නේ නැහැ. ලක්ෂ ගණන් හිටපු කණාමැදිරියෝ දහයක් හොයන්නත් අමරුයි. අපේ මිනිස්සු තවමත් පිස්සුවෙන් වගේ ගස් කපලා පටවනවා. (නි)