
'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන, තවත් නව කොරෝනා වයිරස විකෘති ප්‍රභේදයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
මෙම විකෘතිය හැඳින්වෙන්නේ 'මූ' යනුවෙනි. මෙය පළමු වරට හමුවී ඇත්තේ ලතින් ඇමෙරිකා රටක් වන කොලොම්බියාවෙනි. 'මූ' විකෘතිය නිල වශයෙන් හැඳින්වෙන්නේ B.1.621 යනුවෙනි.
මෙය පළමුවෙන් හඳුනා ගැනීම සිදුවූයේ 2021 ජනවාරි මාසයේය. ලෝක සෞඛ්‍ය සංවිධානය, විමසිල්ලෙන් පසුවිය යුතු වයිරස විකෘති අතරට 'මූ' විකෘතිය ද එක් කර තිබේ. 'මූ' විකෘතිය නිර්මාණය වී ඇත්තේ විකෘතිකරණයට ලක් වුණු විකෘති වයිරස ප්‍රභේද එකිනෙක මුසුවීමෙන් යැයි වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක "මූ ආ' නෙමි මියු කියන ග්‍රීක හෝඩියේ දහවන අකුර මේකෙන් සංකේතවත් වෙන්නේ මිලියනයකින් කොටසක් මයී ක්රෝ කියලත් කියනවා විද්‍යාව කරන දරුවෝ ( මේ දවස්වල ගෙදර හිටියත් ) මේක දන්නවා .