තමන් ඉන්දීය හෝ ඇමෙරිකන් විරෝධියකු නොවන බවත්, ලොව සෑම රටක් සමඟම සහයෝගයෙන් සහ ගෞරවයෙන් කටයුතු කරන රාජ්‍ය නායකයකු බවත් දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.
ඉම්රාන් ඛාන් මෙසේ පැවැසුවේ, රූපවාහිනී දේශපාලන වැඩසටහනකට එක්වුණු අවස්ථාවේදීය. ඉම්රාන් ඛාන් ට ඓරහිව එරට පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂය පියවර ගත්තේය.
එම විශ්වාසභංගය සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනයක් හටගෙන ඇත. ඒ, නියෝජ්‍ය කතා නායකවරයා එම විශ්වාසභංගය අහෝසි කිරීමට කටයුතු කිරීම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව පෙන්වා දෙමිනි.
විපක්ෂය ඉම්රාන් ඛාන්ට එරෙහිව විශ්වාභංගයක් ගෙන ඒමට කටයුතු කළේ පාකිස්තානය වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදයට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වගකිවයුතු බවට චෝදනා නගමිනි.
ඉම්රාන් පෙරළා විපක්ෂයට චෝදනා නගා ඇත්තේ තමන් බලයෙන් නෙරපා දැමීමට විපක්ෂය ඇමෙරිකාව සමඟත් ඉන්දියාව සමඟත් කුමන්ත්‍රණය කර ඇති බවය. ඇමෙරිකාවෙන් විපක්ෂ දේශපාලනඥයන්ට ඒ සඳහා මුදල් ලැබී ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මා ඇමෙරිකන් හෝ ඉන්දීය විරෝධියෙක් නොවෙයි